ග්‍රවුන්ඩ් එක හරහා ලයිබ්‍රි එකට පෝලිමේ යන ගමන් අනුල්‍යා දැක්කා ග්‍රවුන්ඩ් එකේ කෙලවර චිල්රන් පාක් එක ගාව හෙලවෙන්නෙවත් නැතුව හිටගෙන ඉන්න කිරලෙක්.
"ඌ බිත්තර දාලා. ඒකයි හෙලවෙන්නැත්තේ"
රෙජිස්ටර් එකේ අනුල්‍යාට පිටිපස්සේ අංකේ ඒ කියන්නේ අංක දාහතරෙන් ඉඳපු සංජු අනුල්‍යාගේ බැල්ම නැවතුන තැන දැකලා එයාගේ කනට කරලා කිව්වා.
"ඒත් මොකද ග්‍රවුන්ඩ් එකේ බිම දාලා? ඕක පෑගුනොත් හෙම?"
අනුල්‍යා ආපිටට මුණු මුණු ගෑවා.
"කිරල්ලු බිත්තර දාන්නේ බිම කියලා දන්නේ නැද්ද මෝඩියේ?"
සංජු ලයිබ්‍රි එකේ "හොඳ" පුටුවක් අල්ලගන්න දිව්වේ අනුල්‍යාව කල්පනා සාගරේක ගිල්ලලා.
"අපි මේකට මොකක්හරි කරන්න ඕන. මේ කැලේ නයිත් ඉන්නවා."
අනුල්‍යා ස්කෝලෙන් පස්සේ තියෙන එයාගේ සංගමේ රැස්වීමෙදි, ඔඩිටෝරියම් එකේ එලියේ පඩිපෙලේ වාඩි වෙලා එයා දිහා කට ඇරන් බලන් ඉන්න සංගමේ සාමාජිකාවන්ට කිව්වේ ග්‍රවුන්ඩ් එකට එහායින් තියෙන චිල්රන් පාක් එකේ වැට මායිමේ කැලෑව එයාගේ චූටි දබරැගිල්ලෙන් පෙන්නන ගමන්.
"අපි මොනා කියලා කරන්න ද ඉතින්?"
සචිනි කම්මුලේ අතකුත් ගහගෙන ඇහුවා.
"අපි බිත්තරේ රකිමු!!!"
අනුල්‍යා කිව්වේ ඇස් දෙකත් ලොකු කරගෙන.
"මොකක්?? පිස්සුද ඔයාට? ඔයා කිකිළියෙක්ද? අපි කොහොමද බිත්තර රකින්නේ?"
දෙතුන් දෙනෙක්ම අදහසට විරුද්ධ වුනා.
"බිත්තර රකින්න කිකිළියෙක් වෙන්න ඕන්නෑ. කිකිළි කරන්නෙත් බිත්තරේ උඩ ඉඳගෙන ඒක රත් කරනෙක"
අනුල්‍යා ආපහු කියාගෙන ගියා.
"දැන් ඔයා හදන්නේ ඔය බිත්තරේ උඩ ඉඳගෙන ඉන්නද?"
සචිනි ආපහු ඇඩ් එකක් දැම්මා.
"ඔයා ටිකක් ඉන්නකෝ මැදින් පූදින්නැතුව!!! අනුල්‍යා ඔයා කියාගෙන යන්න"
VOUS LISEZ
Dandelion
Non-Fictionඑකවරම එයා නැඹුරු වෙලා මගේ දකුණු අත සිපගත්තා. මං කොතරම් තිගැස්සුනාද කියනවා නම් මං අත ඇදලා ගත්තු පාර එයාගේ යුනිෆෝම් එකේ දිග කාබන් පාරක් ඇඳුනා. "සොරි" මං යුනිෆෝම් එක දිහා බලාගෙන මිමිණුවා. තාමත් මගේ අත් දෙකම වෙව්ලනවා. එයා හිනාවෙලා මං දිහා බැලුවා. "හැපි...