👀17 - සහස්‍රාද? නතාශාද?

223 43 38
                                    

"තමුසේ මොකක්ද අතන අරකි එක්ක සිරික්කිය දාගෙන කරේ?"

එයාගේ ඇස් දිහා බලන්නත් බයයි. ඒ තරම් කේන්තියක්. අම්මිවත් මට තමුසේ කියලා නෑ කවදාවත්. මං හිටියේ ශොක් වෙලා වගේ.

"මං... මං.. මං මේ..."


"මං මං? මං මං තමා... අනුල්‍යා මේ..."

සහස්‍රාගේ දබරැඟිල්ල මගේ නහය ඉස්සරහට දික් වුනා.


"තමුසේ ආපහු ඒකි එක්ක කතා කරලා තිබුනොත් බලාගමු"

සහස්‍රා එකපාරම හැරිලා යන්න ගියා.


"සහස්‍රා.....ටිකක් ඉන්න"


ඒ වෙද්දි හුඟක් හවස් වෙලා නිසා ක්ලාසස් ඉවර වෙලා ක්ලාස් එක තිබුන උසස් අධ්‍යාපන ආයතය හිස් වෙමිනුයි තිබුනේ. හිස් අවකාශය තුල මගේ කටහඬ ටිකක් හයියෙන් ඇහුනා. සහස්‍රා එතනම නැවතුනා. මං සහස්‍රා ගාවට දුවල ගියා.


"සහස්‍රා ඔයා හිතනවා වගේ දෙයක් එතන උනේ නෑ."


"මං හිතනවා වගේ දෙයක් උනේ නෑ කියන්න ඔයා දන්නවද මං මොකක්ද හිතුවේ කියලා ආහ්??"

ආයෙත් පාරක් මං නිරුත්තර වුනා.


"අනුල්‍යා මේ අහනවා... මං දන්නවා ඔයාව එතනින් සර් වාඩිකෙරෙව්ව එක අහම්බයක් කියලා. ඒත් ඒකි හැසිරුනේ හරියට රටක් රාජ්ජයක් ලැබුනා වගේ. ඔයා එතෙන්ට ගිය වෙලේ ඉඳන් ඒකිගේ ඇස් දෙක තිබ්බේ ඔයා ගාව. ඔයා ළග හිටපු කෙල්ලව එහා පැත්තට දාලා ඒකි ඔයා ගාවට ආව එකවත් තමුන්ට නෝට් උනේ නැද්ද අනුල්‍යා?? අහ්??"


"සහස්‍රා... එයා..."


"පොඩ්ඩක් ඉන්නවා මං කතා කරලා ඉවර නෑ. ඒකි මුලු වෙලාවම හිටියේ තමුසෙ දිහා බලාගෙන අනුල්‍යා තමුසෙට මොලයක් නැද්ද"


"ඉතිම්?? ඉතින් මට මොකක්ද කරන්න කියන්නේ ආහ්?? සර් මට එතෙන්ට එන්න කිව්වම 'සර්, මේ ගෑනු ළමයා මං දිහා බලන් ඉන්නවා' කියලා නැගිටලා එන්න ද කියන්නේ මට අහ්?? සහස්‍රා ටිකක් ප්‍රායෝගිකව හිතන්න"

DandelionWhere stories live. Discover now