👀14 - බේබීස් ඩේ අවුට්

211 47 47
                                    

"අනුල්‍යා මේක ඔයාට සහස්‍රා දෙන්න කිව්වා"

ෆ්‍රී පීරියඩ් එක්ක ක්ලාස් එකේ කෑගහ ගහ ඉද්දි එහා ක්ලාස් එකෙන් අපේ ක්ලාස් එකට චිට් එකක් පාස් වෙලා ආවා.

මේක කී දෙනෙක් බලලද දන්නෑ මගේ අතට ආවේ

මං ඇස් කරකවලා චිට් එක දිගෑරලා බැලුවා.


"හිත නාඹර තාලෙට වෙල් දෙනිවල නැටුවා

එන හිමිදිරි සිහිලෙට සිතිවිලි කිති කැවුනා

එකපාරට ආදර මල් සුවඳක් දැනුනා

මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා"


මගේ මූණට හිනාවක් ආවේ නිතැන්තින්මයි. ඒ හිනාවෙන්ම මං ඔලුව උස්සලා බැලුවම සහස්‍රා පුරුදු තැන ඉඳන් මගේ දිහා බලාගෙනම හිටියේ ඒ වගේම මදහසක් මූණේ තියාගෙන. මං එතනට ගියා නෙමේ ඉගිල්ලුනා.

මට එයාගේ ආදරේ වචනෙන් විස්තර කරන්න හරිම අමාරුයි. ඒක හරි අරුම පුදුම ආදරයක්. එයා වසයි. පොඩි දේටත් හේතු කාරණා හොයන්නේ බලන්නේ නැතුව එකපාරම ආවේස වෙලා කෑගහනවා. ඊළග මොහොතේ පපුව පැලිලා යන්න ආදරේ දෙනවා. පුළුවන් හැම වෙලාවකම මගේ මූණට හිනාවක් ගේනවා. එක එක පොඩි පොඩි දේවල් වලින්. හැබැයි ඒ වගේම පොඩි පොඩි දේවල් වලින් මට රිද්දනවා. අවුරුද්දක් තිස්සේ මං දැන් ඒකට හුරු වෙලාද කොහෙද....

...............................................................................................


"අනුල්‍යා මගෙත් එක්ක යමු" 

සහස්‍රා මාත් එක්ක එකපෙලට වැටුනා.


"කෝ යාලුවෝ?" 

මං දෙන්නා දෙන්න හැදෙන ලයින් එකට සම්බන්ධ වෙන ගමන් සහාස්‍රාගෙන් ඇහුවා.


"ඇයි දැන් මං එන්නෙපාද ඔයා එක්ක?" සහස්‍රා බුරාගෙන හැලුනා. 


හපෝ මේ කුකුල් කේන්තිකාරයා..... වචනයක් වරදින්න බෑ. 

මං හිනාවක් දාලා එයාගේ අතින් ඇදලා ගත්තා. 


DandelionWhere stories live. Discover now