👀29 - පීඩනය

171 40 59
                                    

මට නොකියම සහස්‍රා කෑම්පින් යන්න ගිහින් තිබුනා. එකහමාර වෙනකන්ම ඇස් රිදෙනකන් කැඩෙට් රූම් එක තියෙන පැත්ත දිහා බලන් ඉඳලා මං යුනිෆෝම් එක ගසාදාලා නැගිට්ටා.

"අනුල්‍යා.. අද දවසම කොහෙද හිටියේ?"

 ස්කෝලේ ඇරිලා බෑග් එක ගන්න ගියාම පන්තිනායිකාව මං ඉස්සරහට ආවා.

"සමූපකාරේ ඉස්සරහ. පඩිපෙලේ."

 මං ඇත්තම කිව්වා.

"එතන මොකක්ද කරේ?"

"සහස්‍රා එයිද කියලා බලන් හිටියා."

 එයා මගේ දිහාට හෙලුවේ අනුකම්පාව මුසු බැල්මක්.

"ඔයාව අහුවෙලයි තියෙන්නේ අනුල්‍යා. බැජ් එකත් ගලවයි ඔයාගේ. සහස්‍රා හෙව්වා කියලා වැඩක් වෙන්නෑ. එයාට බැජ් එකක් නෑනේ ගැලවෙන්න. අපි ඔයාට කට කැඩෙනකන් කිව්වා සහස්‍රා එක්ක ආශ්‍රය නවත්තන්න කියලා. ඔයාගෙත් පණ්ඩිතකමනේ අනුල්‍යා"

 උරහිස අකුලලා එයා යන්න ගියා.

මේසේ ඇතුලට තල්ලු කරලා දාන්න අමතක උන පුටුවක් උඩට මං දඩස් ගාලා ඇදගෙන වැටුනා. ජීවිතේ කවදාවත් නොදැනුන මහා අසරණ හැගීමක් මගේ හිතම වෙලාගෙන තිබුනා.

...............................................................................

අපේ ගෙදර තිබුනේ කන්දක් උඩ. කන්ද පාමුල හිටියේ අපේ ස්කෝලේම ටීච කෙනෙක්.

"අනුල්‍යා.. අද පරක්කු උනාද.. එන්න අපිත් එක්ක යමු"

 ටීච කාර් එකෙන් ඔලුව එලියට දාලා කෑගැහුවා. ගුරුවරයෙක් එන්න කිව්වම නොයා ඉන්නෙක නොහිබිනා වැඩක් නිසා මං වාහනේට නැග්ගා. ටීච එයාගේ හස්බන්ඩ්ට, දැන් හැදෙන ළමයි කොච්චර අවිනීතද කියලා පැහැදිලි කරලා දෙද්දි මං සාවදානව අහගෙන හිටියා.

...........................................................................

"අන්න තමාලි ටීච කතා කරනවා තමුසෙට" 

සුලි කුණාටුවක් වගේ අම්මි කාමරේට කඩන් පාත් වුනා. අම්මා කවදාවත් මට තමුසේ කියලා කතා කරලා නෑ. මගේ හදවත නැවතුනා වගේ දැනුනේ

ඒ මොකටද අහන්න වගේ මං අම්මි දිහා බැලුවා.

අම්මිගේ මූණ දැක්කම මට කෙල ගිලුනෙත් නෑ. ඒ තරම් අම්මි කේන්ති අරං ඉන්නවා මං කවදාවත් දැකලා තිබුනේ නෑ.

DandelionWhere stories live. Discover now