👀30 - මහ ඉස්පිරිතාලේ

190 40 27
                                    

මහ පාන්දර මට ඇහැරුනේ මගේ ඇඟ ගිනි ගන්නවා වගේ දැනෙන හැඟීමට. හිතන්නත් කලිම් මට වොමිට් වෙන්න ගත්තේ මගේ මුලු ඇඟම එලියට එනවා වගේ දරුණු වේදනාවකුත් එක්ක. ඇස් දෙකෙන් එක පේලියට කඳුලු වැල් දෙකක් ගලාගෙන යද්දි මාව ආපහු ඇඳ උඩටම වැටුනා. වැටෙන්න මොහොතකට කලිනුත් මට ඇහුනේ අනුපමීගේ හිනා හඬ. 

.................................................................................

ආපහු මට ඇහැරෙනකොට ලාවට ඉර එලිය කාමරේට වැටිලා. ඇඟ ඇතුලේ ගිනි මැලයක් ගහලා වගේ පිච්චෙන හැඟීම දරාගන්න බැරි තැන මං වැනි වැනීම අල්ලගෙන අල්ලගෙන  වගේ බාත්රූම් එකට ගියේ නාගන්න. වතුර මලෙන් ගලන සීතල වතුරෙන් මාව නිවන්න. ඇතුලෙන් පිච්චෙන මාව සීතල වතුරෙන් නාවන්න.  සින්ක් එක ගාවින් හිටගත්ත ගමන් ආපහු වොමිට් වෙන්න ගත්තම මට හිතුනෙම මගේ ඇඟ ඇතුලේ තියෙන හැමදේම එලියට එයි කියලා. මේ තරම් වොමිට් වෙන්න හේතුවක්වත් මට මතක් උනේම නෑ. හිතට දැනෙන වේදනාවත් එක්ක ගතට දැනෙන වේදනාවත් මිශ්‍ර වෙලා මාව වේදනාවෙන් මිරිකිලා ගිහිල්ලයි තිබුනේ. මට මේ ඔක්කොම අමතක වෙන්න නිදාගන්නයි ඕන වුනේ. එහෙම හිතෙද්දිත් මං සිහිනැති වෙලා බාත්රූම් එකේ ඇදගෙන වැටිලා තිබුනේ දොර ඇරිලා මාව බාත්රූම් එකෙන් එලියට විසික් වෙන විදියට.

........................................................................

"අනුල්‍යා...!!!! මොකද උනේ කියනවා දරුවෝ? ඇයි මේ එක දිගට වමනේ දාන්නේ?"

හීනෙන් වගේ ඇහෙන වචන අමතක කරලා මං ආපහු නිදාගන්න ට්‍රයි කරා.

"අනුල්‍යා!!!! කතා කරනවා ළමයෝ!!!" 

අම්මගේ හඬට මං ආපහු පියවි ලෝකෙට ආවා වුනත් සිහිය මගෙන් ගිලිහුනේ හරි ඉක්මනට.

"ඔය ළමයා මොකක්හරි කරගත්තද?!!"

 අම්මා අනපේක්ෂිතව ඇහුවම මං ආපහු සිහියට ආවා. මං මොනාහරි බිව්වා ඊයේ රෑ. මට ලාවට මතක් උනා. අඩ සිහියෙන් වගේ මං අම්මා දිහා බලන්න ඇස් ඇරගන්න උත්සාහ කරා. මට අඬන්න ඕන වුණා. මහා හයියෙන්. කාවහරි බදාගෙන. හිතට දැණුනේ මහා අසරණ මූසල හැගීමක්.

"කතා කරනවා ළමයෝ!!! ඔයා මොනවාහරි බිව්වද?"

 අම්මා කටටම උත්තරේ දීලා ඇහුවම ඊයේ රෑ මං අඩ සිහියෙන් වගේ ෆස්ට් ඒඩ් බොක්ස් එකෙන් අත පුරෝලා ගත්තු පාට පාට පෙති ටික මට මතක් වුණා. මං ඔව් කියන්න ඔලුව ඉහල පහල වැනුවා. ඊයේ හවස වගේම කන පුපුරලා යන්න අම්මගෙන් ලැබුණ කම්මුල් පාරට මගේ ඇස් දෙකෙන් එක පෙලට කඳුලු ගලාගෙන ගියා.

DandelionWhere stories live. Discover now