2nd emotion

499 62 11
                                    

"මේ සුදූ තමුසෙ මට කිව්වෙ නෑ අද එනවා කියලා..."

"කිය කිය ආවා නම් ඒක සප්‍රයිස් එකක් වෙනවද බං...මැට්ටි..."

සුදු මගෙ ඔලුවට ටොක්කකුත් ඇනලා මගෙ අතින් තේක තිව්වා..එයා නම් වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම අක්කා තමයි.. වෙලාවකට අම්මා වගේ..මට වඩා මං ගැන හොයලා බලනවා...ඒ වුනාට පිටට පේන්නෙ අපි දෙන්නා බොක්කෙම්ම හතුරො වගේ...ඒ තරම් හොඳයි හැසිරීම...

මං තේකත් අරන් ටීවී එක ඉස්සරහ වාඩි වුනා...ඊඊව් මේ ලබ්බෙ බලන්න කිසි දෙයක් නෑ..තියන ඔක්කොම හොඳයි ඇන්ටිලාට බලන්න... පොඩි වුන්ගෙ චැනල් එකක් දාගෙන මං  ඒකෙ චිත්‍ර අඳින හැටි උගන්නනො බලන්න ගත්තා...

"ඒයි චූටි අක්කා,ඔයා අද වේලාසනින් මොකො.."

පොඩි එකා ගෙට ආවෙ මූණෙ හිනාව එකක් පුරවන්..දිහේන් තාම කොලේජ් යනවා..එයා මේ අවුරුද්දේ ඒ ලෙවල්..ඒ වුනාට තාමත් දෙක වසරෙ වගේ,අපි ගාව හුරතල් වෙන්න තියෙ නම් එයාට වෙන මුකුත් ඕන නෑ...දැනුත් කොල්ලා දුවගෙන එද්දිම මං තේ එක පැත්තකින් තිව්වා...නැත්තන් මං දන්නවා හොට් බාත් එකක් ෆ්‍රී හම්බෙනවා...දුවන් ඇවිත් මගෙ ඇඟට පැනලා උකුලෙන් ඔලුව තියා ගත්තා එයා ..

"මං විතරක් නෙවෙ,තමුසෙගෙ සුදු අක්කත් ගෙදර ඇවිත් පොඩ්ඩො..."

"සිරාවටමද ?"

"බොරු කියලා තෑගි ගන්නෙයි තමුසෙගෙන්...අර ඉන්නෙ එයාගෙ කාමරෙ..ගිහින් බලනො බොරු නං.."

එයා නැගිටලා උඩට යන්න ගියෙ බොරු වුනොත් බලා ගන්නම් කියලා තර්ජනය කරන ගමන්..

මං ආයෙ තේක බොන්න ගත්තා...කැෆේ එකේ දවසම එහෙට මෙහෙට පැන පැන ගෙවෙද්දි හවසට පුදුම මහන්සියක් දැනෙන්නෙ..කොලේජ් ගිය කාලෙ වගේ සැහැල්ලුවක් දැන් නෑ....ඒ වුනත් මහ ලොකු ප්‍රශ්නයක් කියලත් මගෙ ජීවිතේ නෑ...හෙට ඇඳන් යන ඇඳුම මොකක්ද වගේ ප්‍රශ්න තමයි මගේ ජීවිතේ පිරෙන්න තිබුණේ...

ලෑන්ඩ් ලයින් එක රින්ග් වෙන්න ගත්ත නිසා මං ඒක බලන්න ගියා...

"හෙලෝ.."

"චූටි පුතේ අද මට නයිට් ශිෆ්ට් එක වැටිලා...මල්ලි එක්ක මගෙ ඇඳුම් බෑග් එක ගෙනත් දීලා යනවද..? "

emotions (Completed)✓✓Where stories live. Discover now