40th emotion

528 58 40
                                    

"විතූ....."

බැල්කනියෙ හිටං අහස දිහා බලං ඉන්න එයාගෙ ඉන වටේට අත් දෙක ඔතං මං කෙඳිරුවා....

"ඇතුලට යන්න සීතලයි..."

එයා මං දිහාවත් බලන්නෙ නෑ..

"තරහ වෙන්නෙපා මං එක්ක....දුකයිනේ..."

මං එහෙමම ඉද්දි එයා මගෙ දිහාවට හැරුණා....මේ දැනෙන තද සීතලට හරි යන්න මේස්වත් නොදාපු කකුල් හිරි වැටිලා...එයා මාව උස්සලා එයාගෙ කකුල් උඩින් හිටව ගත්තා...ජර්සියක් නොදාපු මාව එයාගෙ තුරුලට ගුලි කර ගත්තා...

"යං...මෙතන සීතලයි..."

මාව ගුලි කරං ඇවිත් ඇඳට වැටුණ මගෙ නපුරි බ්ලැන්කට් එක අරං එයාගෙයි මගෙයි ඔලුව වැහෙන්න පෙරෙව්වා...

"නිදන්න උදේට කතා කරමු..."

මාව තුරුලට අරං එයා ඇස් පියා ගත්තා..රතු පාට ඇස් කෙවෙනි පියවෙද්දි මං තාමත් එයා දිහා බලං....එයාට මහන්සියි වගේ...ඇස් යට කලු වෙලා....මං ටිකක් උඩට ඇදිලා එයාව පපුවට තුරුල් කර ගත්තම නින්දෙම්ම එයාගෙ අත් ඉබේම වගේ මගෙ ඉන වටේ එතුණා...මගේ අත් එයාගෙ ඔලුව පුරා යද්දි ටික වෙලාවකින් එයා නින්දට වැටුණා...ගැඹුරු හුස්ම පපුව සිප ගද්දි එයාව තුරුල් කරං මාත් ඇස් පියා ගත්තා...හැමදේටම පස්සෙ සැනසීම පිරුණ එක රැයක්....හඳ එළිය යට එයා එක්ක....මේ තමයි මං දකින ලස්සනම හීනෙ...
__________________________________

වසර හතකට පසු>>>>>

"විතූ මෙහෙ එනවා..."

මගෙ සුදු නෝනට කේන්ති ගිහිම්..

"මේ එනො බබා..."

එයාට කේන්ති යන්නෙම මං ගේම් එක දිනා ගෙන එද්දි...ම්ම් හරිම අගෙයි සුදු නෝනෙගෙ සංවේදන හැකියාව..

"මං ඔයාට කියලා ගියෙ ඇඳුං ටික ගෙට ගන්න කියලා...

(නිවාඩු දවසෙත් මට ඩියුටි...)

කිචන් එක වල් විහාරෙ වගේ..කෝ සයූ...?"

හුටා අපෙ ළමයා...කෝ මේකා....අද මගෙ අවසානෙ සුදු නෝනෙගෙ අතිංම වෙයි වගේ...

මං ගෙට දුවලා බලද්දි,පොඩි එකා ඇඳේ මැදට වෙලා නිදි....ඇඟිල්ලකුත් කටේ ගහං....අනේ මගෙ වස්තුව....අහිංසක කමයි හුරතලෙයි බේරෙන මූණ,චූට්ටං කටත් පොඩ්ඩක් ඇරිලා....මං එයා ලගින් වැතිරිලා එයාව තුරුල් කර ගත්තා...

emotions (Completed)✓✓Where stories live. Discover now