32nd emotion

241 40 9
                                    

"දැන්වත් නිදා ගමුද...මළ ඉලව්ව ගැම්මෙන් ගත්තනෙ බලන්න කාටුන් මගුලක්...නිකිණියො අහකට පලයං මගෙ උරහිසත් කැක්කුමයි...අපිටත් හොඳ වැඩේ මොන්ටිසෝරි හැත්ත එක්ක මූවී බලන්න ආවට..."

"ශෙවීන් උඹෙ කට වහපං...මේක බලන්න ගත්ත වෙලාවෙ ඉඳලා කට පියෙව්වද...බලන එකෙක්ටවත් බලන්න නෑ..."

ශෙවීනුයි හේශානුයි බෙරිහං දෙන්න ගත්තම මෙච්චර වෙලා ,නිව්ට් ස්කැමැන්ඩර් කියලා හාදයෙක් එකේක සත්තු එකතු කර කර පොඩි සූට් කේස් එකක් අස්සෙන් අරං යන හැටි බල බල හිටපු කාගෙත් අවදානෙ බිදුණා...

"මගෙ ලැප් එක අරන් ඕන එකක් බලපං කෑ ගහන එක නවත්තලා..."

ශේන්යාගෙ බර කටහඬ එක්ක ශෙවීන් ආපහු නිශ්ශබ්ද වුණා...

එතනින් එහා කවුරුත් මූවී එක බලන්න ගද්දි ප්ලේට් වල තිබ්බ රෝල්ස්,පැටිස්,චිප්ස්,මෆින් ටික ටික ඉවර වෙලා ගියා...මූවී එක ඉවර වෙද්දි බලන්න තව මූවී එකක් තෝරන කට්ටිය එතන සාලෙ ඉද්දි ශේන්යා,නින්ද ගිය ආත්මාව අත් දෙකට උස්සන් තමංගෙ කාමරේට ආවා....

"මොකො උඹ මෙතන...."

උඩ තට්ටුවෙ කොරිඩෝව කෙලවරේ බැල්කනි එකට වෙලා එක අතක බියර් එකක් තියන් අනිත් අතින් සිගරට් කොටයක් කටේ තියන් උන්න ශේන්යා ගාවට ආව හේශාන් දඩෝරියං ගාලා පාරක් ඒ පිට මැදට අතෑරියා.....

"....."

ශේන්යා අතේ තිබ්බ සිගරට් කොටේ බැම්මට තද කරලා නිවලා එතනම මුල්ලක තිබ්බ මල් පැලේ පාමුලට විසි කරා...ස්ටූල් එක උඩ තිබ්බ අනිත් බියර් එක හේශාන් දිහාවට තල්ලු කරලා ආයෙම බැල්කනි වැටට අත් දෙක තියන් අහස දිහා බලා ගත්තා....

"හේශ්..."

"ම්ම්.."

"උඹ හිතනවද මේ විදියට දිගටම ආත්මාව මං ලඟ තියා ගන්න පුලුවන් කියලා..."

"අනේ මන්දා..ඒ මොකො"

"එයා ඇත්ත දැන ගත්ත දවසක මාව දාලා යනවා බං..."

"මොකද්ද කියපං ඉතිං ඒ ඇත්ත..."

මුකුත් නොකිය ඉස්සරහ බලං උන්න ශෙන්යා ඉතුරු බියර් උගුරු දෙක තුනත් බීලා කෑන් එක එතනම මුල්ලෙ තිබ්බ අනිත් බියර් කෑන් එක ගාවින් තිව්වා...

emotions (Completed)✓✓Where stories live. Discover now