36th emotion

219 38 12
                                    

"කොහෙද බලං ඉන්නෙ...? ඕයි චූටි අක්කෙ ඇවිත් නැගපංකො බං...."

"ආහ් යං යං..යං..."

මං ඇවිත් බෑග් දෙකම පිටි පස්සට දාලා පැසෙන්ජ සීට් එකෙන් වාඩි වුනා

"මුකුත් අවුලක්ද චූටි අක්කෙ...?"

"ම්හු නෑ...."

මං ශටර් එකෙන් එළියෙ පහු වෙලා යන ගෙවල් දිහා බලං හිටියා...

"පොඩ්ඩා..මාව හේශාන්ලයි ගෙදරින් දාලා පලයං ..."

පොඩ්ඩා මුකුත් නොකියම හේශාන්ලයි ගෙදර ලඟින් මාව බැස්සුවා...මං යද්දි ඌ ලැප් එක දිගෑරං බිස්නස් වැඩක්...

"මං පස්සෙ ගන්නං මිස්ට අශේන්ද්‍ර...මොකො උඹ මේ පැත්තෙ ශෙනා....අද නං පොලොවෙන් වහී..."

"විකාර නොකිය ඉඳපං..."

මං උන්ගෙ ගෙදර බිමින් වාඩි වුණා...

"මොකද්ද අවුල කියපං මුලිං.."

මං ඌ දිහා බලං හිටියා....

"ආත්මා හම්බුනා.."

"නෑ...ඉතිං.."

මං ඌට සම්පූර්ණ සිද්ධියම විස්තර කරද්දි ඌ මං දිහා බලං කල්පනා කරා...

"දැං උඹ මොකද්ද කරන්න හිතං ඉන්නෙ.?"

"මං ද...මං මොනවා කරන්නද බං...එයා කිව්වා හැමදේම දැනගෙනයි ආවෙ කියලා...ඉතිං මං බලං ඉන්නවා..."

"මං නං හිතන් නෑ ආත්මා හැමදේම දන්නවා කියලා... දන්නවා නං ඔහොම කියයිද..අනික උඹට කෑ ගහලා උඹව දාලා ගිහින් ආයෙ මුකුත් නොවුනා වගේ ඒකි කතා කරන්නෙ කොහොමද බං..තනිකරම විකාරයක්නෙ..."

"බොන්න මුකුත් නැද්ද..?"

"බූරුවා...තෝ ප්‍රශ්න විසඳන්න හදන්නෙ අවසිහියෙන්ද ඒ පාර.."

"බැරි නං කියපං එහා හංදියට පයිං යන්න බැරි නෑ..."

"ඉතිං බස් එකේ පලකො..."

"සල්ලි දෙනවද..?"

මං මගෙ හිස් පොකට් පෙන්නලා අහද්දි හේශාන් අනේ යකෝ ලුක් එකෙන් බලං හිටියා...

"උඹ එතකොට බාර් එකට දෙන්නෙ අහවල් එකද පගො..."

"යන ගමන් ගෙදරට ගිහිං යන්නෙ පගො...අපෙ සුදූ වගේ වට්ටි අම්මා ටෝක්ස් නොදී හා ද බෑද කියපං..."

emotions (Completed)✓✓Where stories live. Discover now