34th emotion

234 37 10
                                    

"චූටි.."

"විතූ.."

"කවදා හරි මාව විශ්වාස නැ කියලා දැනුනොත්,දෙපාරක් නොහිත මාව දාලා පලයං.."

"ඇයි මේ.?"

"එහෙම තමයි...අපි අපිට රිද්ද ගන්න ඕන නෑ..ඊට කලිං අපි ඈත් වෙමු...රිදවගෙන,වෛරක්කාරයො වෙලා මේ බැඳීම කුණු ගොඩක් කර ගන්න ඕන නෑනෙ..."

"ඔයා කියන්නෙ සතුටින් විසිර යමු කියලද.?"

"අන්න රයිට්..ඒක තමයි.."

"හා.."

මගේ අත් ගොබේ මූණ අතූල්ල අතුල්ල එයා මිමිණුවා....අපි හිටියෙ බස් හෝල්ට් එකේ....මහ වැස්සෙ කොහෙවත් යා ගන්න බෑ... බයික් එක අයිනකින් නවත්තලා යන්තන් වැස්සට මුවා වෙලා ඉන්න අතරෙ මුමුණපු වචන තමයි ඒ....

වැස්සේ සීතලට මං ඇඳං උන්න කලු ටී ශර්ට් එකටයි සුදු ශෝටටයි ඇතුලෙන් හම පුරා හිරිගඩු පිපිලා...මහ වැස්සෙ මේ මූණ බලන්න ඕන කමට දුවං ආවා මිසක් මේක එන ගමනක් නෙවෙ...අද උදේ වෙනකනුත් මං උණ රෝගියෙක් විදියට ඇඳේ හිටපු මනුස්සයෙක්...

මගෙ අතක් විතරක් අල්ලගෙන ඒ අතට හේත්තු වෙලා ඉන්න එයාගෙ ඉන වටේ මං අත දාලා වෙලා ගත්තා..මෙච්චර වෙලා මගෙ බර දරන් උන්න කෙටි තාප්පෙයි මගෙ ඇඟයි අතරට එයා හිර වුණා...ඒත් දුවන්න උත්සාහ නොකර මගෙ පපුවට ගුලි කර ගත්ත අත් වලින් එයා තව තව මගෙ උණුහුම හෙව්වා....

වටපිටාවෙ සතෙක්වත් පේන්න නැති පාලු අහස යට ගස් කොලං වලට වතුර බිංදු වැටෙන සද්ද විතරක් දෝංකාර දුන්නා...මගෙ පපුවට වාරු වුන ඒ හීනි ඉනෙන් අල්ලන් මං හිමීට පස්සට ගිහින් පිටිපස්සෙ තිබ්බ බැම්ම උඩින් වාඩි වුනා..අනිච්ජානුගවම ඒ පුලුං වගේ සැහැල්ලු සිරුර මගෙ කකුල් වලට බර දෙද්දි මං එයාව මට තුරුල් කර ගත්තා..ඒ පපුව වේගෙන් ගැහෙනවා මට දැනෙනවා...මං තව තව එයාව මට තෙරප ගත්තා...දත් එකට වදින සීතලේ මේ දැනෙන උණුහුම හැඟීම් වලට පණ දෙන හැටි දැනෙද්දි මට ඕන වුණේ එයාව මගෙනුත් පරිස්සම් කර ගන්න වෙද්දි මං ඒ පුංචි ඔලුව පුරා අත අරං ගිහින් නළල සිප ගත්තා...එයාගෙ හද ගැස්ම ටිකක් සංසුන් වෙලා තියෙද්දි,මං මාව සංසුන් කර ගන්න උත්සාහ කරා....

emotions (Completed)✓✓Donde viven las historias. Descúbrelo ahora