5th emotion

348 58 10
                                    

"ඇයි..."

"නෑ මේ ඔලුව රිදෙනො ඕයි..."

කතාව මාරු නොකර චූටික්කි ගැන කියෙව්වා නම් බලන්න තිබ්බා අර යස්සනීගෙ මූණ ගිනි ගන්න හැටි...

පොඩ්ඩා ඇස් යටින් මං දිහා බලලා ඔලුව ඇල කරා..

"මොකෝ..."

මං තොල කට එහෙම ලෙවකාලා ඔලුව දෙපැත්ත ට වැනුවා....මේ මළ යස්සනී ඉද්දි මොනෝත්තක්වත් කරන්න බෑනෙ...

කියවන්න ගනී ඊළඟට,ලෙඩ වෙලා ඉඳගෙනත් ගෑනු ගැන අහනවා කියලා...

අපරාදේ මුන්ට මං ගැන ඇත්ත කිව්වෙ...මේකි ඩොක්ට කෙනෙක් වෙන්න ඉගන නොගත්තා නම් කියයි මං...ඊඊඊව් ගිනි මකරි....

"ඔලුව පුපුරන්න වගේ පොඩ්ඩා...මාර අමාරුයි...පේන් කිලර්ස් මුකුත් දුන් නැද්ද...?"

"ඔහොම ඉන්න මං ඩොක්ට එක්කන් එන්නං...."

සුදු මට රවලා දොර තල්ලු කරන් එළියට ගියා....

"ඒයි සිහලි හිටියද ගියාද..?"

"මට හිතුනා ඕක තමයි අහගන්න බැරුව තටමන්නෙ කියලා...එයායි අනුෂාන් අයියය් තමුසෙව හොස්පිට්ල් එක්කන් ඇවිත් සුදු එනකන් ඉඳලා ගියෙ..."

"ඒ කියන්නෙ චූටික්කි ඇවිත් නේ..."

"මොන චූටික්කිද ආවෙ,.?"

සුදු දොර ඇරන් ඇතුලට එන ගමන් ඇහුවා....හරිනෙ සම්බා හාල් ම ගැරියං....දැන් ඉතින් කනක් ඇහිලා ඇහැක් පෙනිලා ඉඳලා හමාරයිනෙ...
______________________________________

හොස්පිට්ල් ඉඳලා ඇවිත් සතියක්... හැබැයි මං තාම ඇඳෙන් බිමට අඩියක් තියලා නෑ.... යන්තන් නූලෙන් ජොබ් එක රැකිලා තිබ්බට, මේ සූදු කියන රාස්ස පරාණෙ මට යන්න දෙයිද නං දන් නෑ....

"චූටි අක්කා...."

පාන්දරම පොඩ්ඩා බෙරිහන් දෙනො කියන්නෙ හොඳකට වෙන්න බෑ...

"ඕ මොකෝ.."

"තමුසෙගෙ ඌරු පැටියා අන්න එහා ගෙදර පොඩි එකාගෙ ටෝයිස් උස්සන් ඇවිත්...."

ඔය කොරලා තියෙන්නෙ ...ලෙඩෙක් වෙච්ච අහිංසක මට මේ බලු නාම්බා නිදහසේ ඉන්ණ දෙන් නැති හැටි...

උගෙත් ආච්චිට හාල් ගරන්න හිතාගෙන ඇඳෙන් නැගිටලා යද්දි තඩිම තඩි කලුම කලු පාට බලු ගෙඩියා සාලෙ මැද ඉඳන් පොඩි එකා තාලෙට එහා ගෙදර පොඩි ඇටයගෙ රබර් ටෝයි එකක් දාගෙන හපනො...ඒක රබර් හාවෙක් මූ හිතන් ඉන්නෙ ඇත්ත හාවෙක් කියලද කොහෙදෝ...ඒ මදිවට ඒක හපන හපන සැරේට චෑං චෑං ගාලා සද්දෙකුත් එනො...

emotions (Completed)✓✓Where stories live. Discover now