දුර ගෙවාගෙන ගෙවල් පැත්තට එද්දි බ්‍රේක් එක වැදුන දෙතුන් පලකදිම සිහලි මගෙ උරහිසක පැටලුනා....
එයා බයෙන් බයෙන් වගේ මගෙ උරහිසකින් අත තියද්දි මං සයිඩ් කණ්ණාඩියෙන් බලං ඒ හොර බැල්ම...
සිහලි ගෙ ගෙවල් තියන පැත්තට හරවලා පාර අයිනෙන් මං බයික් එක නැවැත්තුවා..
"බහින් නැතුව ඕම ඉන්න දෙන්නම..."
මං කෝල් එකක් ගත්තෙ සුදු අක්කට,පරක්කු වුණොත් පරල වෙනවනෙ නැත්තං...
"හෙලෝ සුදු,පොඩ්ඩගෙ යාලුවෙක්වත් ගෙවල් ලඟින් දාලා එන්නෙ හරිද,විනාඩි දහයක් දෙන්න..."
සුදු හැච හැච ගාන්න කලින්ම ෆෝන් එක තියලා මං එන්න ආවා..නැත්තන් පටන් ගත්තම ඉවරයක් නෑනෙ...
දිගටම ඇවිත් නැවැත්තුවෙ සිහලිගෙ ගෙදර ඉස්සරහ...බයික් එක නවත්තද්දිම සිහලිගෙ අම්මා එළියට ආවා...අම්මා පොඩි එකීව එක්ක එන්න යන්නද කොහෙදෝ ලෑස්ති වෙලා..
"අනේ අදත් මේ දරුවා එක්කං ඇවිත්...පින් සිද්ධ වෙනො පුතේ... මං මේ එක්කං එන්න යන්න හැදුවෙ..."
"ඕක මොකද්ද සිහලිගෙ අම්මෙ..දැන් දෙන්නම ඇතුලට ගිහින් දොර වහ ගන්නකො...රෑ වෙලා..."
"මෙහෙමම යන්නද දරුවො..."
"ඔව් සිහලිගෙ අම්මෙ..රෑ වුණා..අම්මා බලං ඇති අපි එනකන්.."
"පුතාලා පරිස්සමින් යන්න එහෙනං...දවල් වෙලාවක ඇවිත් යන්න එන්නකො.."
සිහලිගෙ දිලිසෙන බෝල ඇස් දිහා එක පාරක් බලං ඉඳලා මං පොඩ්ඩා එක්ක ආවා...වෙලාවට මං අද පොඩ්ඩව ගන්න ගියෙ...නැත්තන් කෙල්ල තාම බස් හෝල්ට් එකේනෙ...
ගෙදර එද්දි අම්මා නම් නිදි,එයා ඊයෙ නයිට් එක කරලානෙ ආවෙ...සුදු බැල්කනියෙ ඉඳලා ඇවිත් ගේට් එක ඇරියා.... මං බයික් එක දාලා ඇවිත් යතුර මේසෙ උඩට දාලා සෝෆා එකට වැටුනා..පොඩ්ඩත් මගෙ එහා පැත්තෙන් වාඩි වුණා...
"කාවද ගෙදරට ඇරලන්න ගියෙ..."
"සිහලි ව සුදු අක්කෙ...එයාට යන්න බස් එකක් නැතුව අඬන්න ඔන්න මෙන්න හිටියෙ.."
"පිස්සුනෙ ඔය දෙන්නට මෙච්චර රෑ වෙලා කෙල්ලො ගෙවල් වලට අරං යන්න යන්නෙ.පාඩුවෙ ගෙදර එන් නැතුව.."
YOU ARE READING
emotions (Completed)✓✓
Ikke Fiktionආදරය නිසා හඬන්නට හෝ හිනැහෙන්නට නොව, ආදරය නිසාවෙන් සැනසී අත්හරින්නට කියා දුන් ඔබ, යථාර්ථය පහදා දුන් ප්‍රේමණීයම කවියයි.. ඉතිං හිතවතිය, ප්‍රේරේමයට හේතු කිම...? ලෙංගතුම ඔය හිතට කොන්දේසි විරහිතව අසීමාන්තික ප්‍රේමයෙන් බැඳෙමි.... . . . . . . . #start dat...