33rd emotion

221 38 7
                                    

"මේක බීලා ඉඳපං මුලිම්ම..."

හේශාන් දුන්න වතුර එකෙන් උගුරක් බීලා මං ආපස්සට කල්පනාවට වැටුනා...

ගැළපිල්ලක් නැති පැටලිල්ලක් වගේ මේ හැමදේම...අශ්විතා ආන්ටි,රොනල්ඩ් අංකල්, කුමුදුනී ආන්ටි,අපෙ අම්මා,ආත්මා,අශල්යා මේ ඔක්කොම නිකං අත් අල්ලං රවුමක් හැදිලා මගෙ ඔලුව වටේ කිරි කිරි බෝලෙ කරනවා වගේ..ඉවරයක් නැති විකාරයක් දැං මේක...ආත්මාට ආයෙ දේවල් පැහැදිලි කරන්නෙ කොහොමද....එයා මාව පිළි ගන්නෙකක් නෑනෙ...ඒක හිතද්දි මට හීල්ලුනා..

"හේශාන්.."

"ඔහ්..."

"උඹට මෙතන අවුලක් පේන් නැද්ද..?"

"මොකද්ද..?"

"මං එදා උඹට කිව්වනෙ අපෙ තාත්තා කිව්ව අර ඉස්සර සිද්ධිය....."

"ඕ.."

"ඒකයි මගෙ ඇක්සිඩන්ට් එකයි,නිකං කනෙක්ට් වෙලා වගේ පේනවා.ආයෙ එහෙම නෑ වගෙත් පේනවා ...මට පේන්නෙ කවුරු හරි මට කොලේ වහනවා...."

"උඹට අමතක වුණාට මං එදා හොස්පිට්ල් එකේදිම කිව්වා....හොඳට මතක් කරපං ඇක්සිඩන්ට් වෙන්න කලින් මොකද වුණේ කියලා....උඹ ගියෙ ආත්මාගෙ තාත්තව හම්බෙන්නද ශුවර් එකටම....?"

"නෑ මං ගියෙ රොනල්ඩ් අංකල් හම්බෙන්න නෙවෙ..."

"එහෙනං..?"

"අශ්විතා ආන්ටි හම්බෙන්න...."

Back to past>>

"ඇයි එන්න කිව්වෙ...?"

"වැල් වටාරං නැතුව කිව්වොත් මෙච්චරයි....තමුං ආත්මාව අමතක කරෙ නැත්තං, ආත්මාව පවුලෙං අයිං කරනවා මං....ඒක නිසා එයාගෙං ඈත් වෙලා ඉන්නවා...තමුංගෙ තාත්තා ගැන මං හොඳට දන්නවා...ඒක නිසා ඒ ලේ ම ඇඟේ දුවන තමුං ගැනත්, තමුං කොයි වගේද කියන්න මට පැහැදිලි කිරීම් අවශ්‍ය නෑ ශේන්යා..."

"මං එයාගෙං අයින් වෙන්නං.."

"බොහොම හොඳයි...එයාගෙ වෙඩින් එක මං ඉක්මණටම ගන්නවා...ඉන්විටේශන් එක තමුන්ට හම්බෙයි,ඒ හම්බුනාම ඇවිත් යනවා....එච්චරයි..."

ඔක්කොම කියලා අශ්විතා ආන්ටි යන්න යද්දි මගෙ පපුව හිරවෙන්න වගේ ආවා....පපුව පිරෙන්න ආදරේ දීපු මගෙ කෙල්ලව වෙන එකෙක් අරං යද්දි නිකම්ම බලං ඉන්නෙ කොහොමද එහෙම....එයා මට ලං වෙලා නොහිටියා නං මං වචනයක් කියන් නෑ...ඒත් ගතින් නැතත් හිතිං මං ඕනවටත් වඩා එයාට ලංවෙලා...

emotions (Completed)✓✓Where stories live. Discover now