12th emotion

280 47 17
                                    

එකක් මදිවට තව කුණ්ඩවාලයක්ද හිත හිත මං ගෙයි ඇතුලට යන්න හැරුණා...

"අම්මා අර ගේට්ටුව වහන්නකො අප්පා...."

මං බලන් උඩ තට්ටුවෙ ඉඳන් චූටිම අක්කා නැත්තං මගේ භාශාවෙන් හිච්චි අක්කා ගේට්ටුවෙ රිමෝට් එක ඔබනො.... මං එයාට හිනාවක් දීගෙන ගෙට එද්දි,සෙනුදි එක්ක භාගෙට වගේ කෝප්පයක් හොදපු පොඩි එකත් මගෙ පස්සෙන් දුවන් ආවා...

"ඕයි චූටි අක්කෙ මේ....තමුසෙ දන්නවැයි වැඩක්...?"

"මොකද්ද..?"

"අර ඇවිත් ඉන්නෙ අරකිගෙ නංගිලු..."

මං සනිකව පොඩි දිහාවට රොටේට් වුණා...

"ආයි කියපම් බලන්න..."

"ඔව් අප්පා ඔව්...යමංකො චූටි අක්කෙ ගෙට...මෙතන ඉඳන් අන්ද භූත කෙලලා ඒ වසංගතේට තේරෙයි..."

මං ඌවත් ඇඳං ගෙට දිව්වා...අනිච්චේ දුක්ඛේ මට වෙච්ච විපතක මහත...එක පරාලයක් මදිවට තව පරාලයක්...සෙනුදි නං මෙච්චර කාලෙකට කියව කියව වාත වෙවී සාපයක් වුණා ඇරෙන්න වෙන අතුරු අන්තරාවක් කරෙ නෑ දෙයියනෙ කියලා....ඉදිරි කාලයත් මේ ආකාරයටම පැහැපත් කාලගුණයක් සහිතව උදා වූවහොත් යහපති...දෙයියොම බලන්නෝනා...

මං හොඳට වොශ් එකක් දාගෙන කලු පාට ස්වේට් පෑන්ට් එකට ආම් කට්  එකක් දා ගෙන බෙල්ල ලඟට කොට කොණ්ඩෙ පස්සට අල්ලලා බෑන්ඩ් එකක් දා ගත්තා.පොඩි නට්ටක් හිටින්න...දාඩියයි අප්පා...ඉර දෙයියන්ට හොඳටම නැගලද කොහෙත..මාර හොට්...වතුර නාගෙන ගෙට එන ටිකට දාඩිය නෑවිලා...

මං පොඩි විසිල් පාරක් ගහගෙන පහළට බැස්සා...දවසෙම දුවලා අඬු දෙකම වේදනයි....ඒ අස්සෙත් කෝමහරි දුක් විඳං පහළට බැස්සෙ ඉතිං ගාල්ලෙන් මෙහෙට වැඩපු යමක් ඇතොත් බඩට දා ගන්න කියලා හිතේ කොනක පොඩි බලාපොරොත්තුවක් වගේ එකක් තිබ්බා ඒකයි...

කුස්සියට යද්දි මගෙ සුදු නෝනා බරටම වැඩ....අපෙ ලොකු අම්මා බිම වාඩි වෙලා එහේ මනුස්සයෙක් තව කාගෙන්දො ණයක් අරන් ගෙවන් නැතුව ඉඳලා ඒ ගෑනි ගෙදරටම ගිහින් අර ණය ගත්තු එකීට ගහපු කතාවක් රස කර කර පිවිතුරු මුවින් තෙපලනො....අන්තිමට ණය දීපු මහත ගෑනිගෙ ප්‍රෙසර් වැඩි වුණ හැටිත් කිව්වා...අනිච්චේ දුක්ඛේ මේ ලොකු අම්මා ගිහින් බලා හිටියා වගේ කියවන හැටී....මං හිතන්නෙ අපෙ ලොකු අම්මා ණය ගත්තු එකීගෙ පැත්තෙ...ඒකයි ඔය අරකිගෙ ප්‍රෙසර් අමාරුව කිය කිය කැකිරි පලන්නෙ....

emotions (Completed)✓✓Where stories live. Discover now