19th emotion

268 42 18
                                    

කාලය කියන්නෙ මිනිස්සුන්ගෙ ජීවිත පාලනය කරන දෙයක් වගේ හරියට..මිනිස්සුන්ට බැහැ කාලය පාලනය කරන්න....මේ ටික කාලෙට මං තේරුම් ගත්ත හොඳම දේ තමයි, හැම කතාවකම ප්‍රධාන චරිතෙට ලස්සන අවසානයක් හම්බුනාට ඒක යථාර්තය නෙවෙ කියන එක.....කාටත් තමන්ගෙම කතාවක ප්‍රධාන චරිතෙ වෙලා,තව කෙනෙක්ගෙ කතාවක සහය නලුවා හෝ අතිරේක චරිතයක් වෙන්න වෙනවා කියන එක...

මට මේ දේවල් ඇයි මෙච්චර ඉක්මණට තේරුණේ කියන්න මම දන්නෙ නැහැ...ඒත් ලස්සනට තිබ්බ සමහර දේවල්, යථාර්ථය දකිද්දිම එක පාරටම පිස්සු හැදුන පස්ල් එකක් වගේ කැරකිලා එකේක අතට මාරු වෙන්න ගත්තා....

ස්පෝට් මීට් ඉවර වුණා...තරුමිණියා ලලනාවක් වගේ ගිනිසිලුව උස්සන් ගියා... මං කකුල් කරේ තියන් මාච් එකට ගියා..විතූගෙ හවුස් එක කප් එක ගත්තා....මං එයාගෙ තුරුලෙ සතුට සැමරුවා....හැමෝම නැටුවා...

හැමදේම හරි ඉක්මණට ඉවර වුණා...කාලය අපිව පාලනය කරනවා කියන්නෙ මේකද....ඒත් ඒ කාලයට බැරි වුණා විතූ ලව්වා මගේ තොල් තෙමන්න....රියල් දුක....ම්හුක්...එයාගෙත් හරි කැටයං අනේ...
______________________________________

"නාරී එක්සෑම් එකට මොනාද ලියන්නෙ බල්ලො...මුකුත් පාඩං කරෙ නෑ.."

"ඉතිං පාඩම් කරපංකො වදේ...බොට කියලා වැඩක් නෑ..කම්මැලි අලියා..."

අපි දෙන්නා කැන්ටින් එකට යන ගමන් හිටියෙ....ගමන පටන් ගත්ත තැන ඉඳලා මේ ගෑනිගෙ කරච්චචලෙ ඉවසන්න බෑ....එක්සෑම් නං පාඩං කරන්නෝන..මූට විතරක් පාඩං නොකර පේපරේ ලේසි වෙන්න මූ මොකෝ අලි පුකෙන් ආපු එකෙක්ය....ම්හුක්...හරි මැට්ටෙක් අනේ මේ තරුමිණියා.... තරුමිණියා නෙවෙ මළ මිණියා මූ....

මං තරුමිණියා එක්ක එද්දි පාරෙ කොනෙන් මතු වුණෙ මගෙ සුදු නෝනා හේසාන් භයියත් එක්ක...

"අන්න එනවා ජෝඩුව,මේ උඹට බැරිද නාරී අරකිට පොඩ්ඩක් හිනා වෙන හැටි උගන්නන්න...හිනා වෙන්න තියන ලෝභ කම...බලපං ඒකට මගෙ සුදු අයියා...හිනා ලෝකයයි..."

එව්ව් මුගෙ පම්පෝරිය...එව්ව් කරච්චලේ...

"වහපම් කට...."

දුන්නා අත දිගෑරලා පිට මැදටම දාර ගුටියක්..ඇඹරිලා ම යන්න....

"ඕයි කොට මැණිකෙ...උඹ මොකො මගෙ බබාගෙ පිටට ගැහුවෙ...."

emotions (Completed)✓✓Tahanan ng mga kuwento. Tumuklas ngayon