18th emotion

248 47 7
                                    

මං උදේ ඇහැරෙද්දි විතූ ගිහිල්ලා....එයා මගෙ එහා පැත්තෙ නිදා ගත්ත තැනට පෙරලිලා එයාගෙ කොට්ටෙ මූණ ඔබා ගත්තම මට දැනුණා එයාගෙ සුවඳ...එයාගෙ කාමරේ ම සුවඳයි... මං නැගිටලා පහළට ආවා....අම්මා ඇවිත්...මාව දැක්ක ගමන් ළඟට දුවන් ආවා...

"සුදුනෝනා.."

මං ළඟට දුවන් ආව අම්මා මගෙ බෙල්ලටයි නළලටයි අත තියද්දි මට නොදැනිම මගෙ කකුල පස්සට ඇදුනා...

"මට දැන් අවුලක් නෑ අම්මා..."

අම්මා ලොකු හුස්මක් පහල දාන සද්දෙ මට ඇහුණා...

"ගෙදර යං..."

"අම්මා..."

"ම්ම්..."

"මං ඉඳලා හවස එන්නං ගෙදර...?"

අම්මා මං දිහා බලං හිටියා ටිකක් වෙලා..

"මෙහෙට ආසයිද..?"

මං ඔලුව වැනුවා..ආයෙමත් බරට හුස්මක් වැටුණා එයාගෙන්...එහෙමම පර්ස් එක ඇරලා පන්සීයක් අරන් මගෙ අතේ තිව්වා...

"හවසට පරිස්සමින් එන්න...හැන්ද වුණොත්,කෝල් කරන්න මං එන්නං එක්ක යන්න..."

අම්මා ගියේ විතූගෙ අම්මා එක්ක ගොඩක් වෙලා කතා කර කර ඉඳලා...දැන් ඒ දෙන්නා හරි යාලුයි වගේ...

දවල් වෙන්න වොශ් දාලා මං විතූගෙ ඇඳුමක්ම ඇඳ ගත්තා..මගෙ ඇඳුම් හෝදන්න බලද්දි දැක්ක දේට මගේ කකුල් දෙක දිගේ හිරියක් ගියා..විතූ යට ඇඳුමෙ ඉඳලම ඒවා සෝදලා වනලත් ඉවරයි...හයෝ සැජ්ජායි ඒයි...

පහළට යද්දි අම්මා කොහේ හරි යන්න හදනවා...

"අම්මා...?"

"ආහ් චූටි මැණික, අම්මා වැඩට යන්න හදන්නෙ පුතේ...ඊයෙත් ගියෙ නෑනෙ...මට ඔයාව තනියම තියලා යන්න හිත දෙන් නෑ...ඒත් නොයා බෑනෙ මැණික.."

"ඒකට කමක් නෑ අම්මා...තව ටිකෙන් විතූ එයිනෙ...මං දොර වහන් ඉන්නම්..."

"මං උයලා තියෙන්නෙ පුතෙ කන්න හොඳද"

"හා අම්මා.."

මං අම්මා යද්දි එයාට වැන්දා...ආයෙ කවදා හම්බෙයිද දන් නෑනෙ..අම්මා ගියාම මං ගේට්ටුවයි දොරයි වහලා ගේ ඇතුලට වුනා...පැයක් ගෙවා ගන්න එපැයි දෙක හමාර වෙනකන්...මං එකේක වැඩ කරා....සපත්තු මැද්දා,විතූගෙ රූම් එක අස් කරා...සාලේ අතු ගෑවා..කිචන් එක අස් කරා...ඒත් වෙලාව යන්නෙ හිමින්...සෝෆා එකට වෙලා හාන්සි වෙලා හිටියා.ඈනුම් යන තරමට හක්ක පනියිද මන්දා තව ටිකකින්..

emotions (Completed)✓✓Where stories live. Discover now