23rd emotion

251 45 16
                                    

"මේ ඔය නෝමල් සිංදුවක් මොකක් හරි දාපංකො බලලා..."

හේශාන් වාහනේ හරවලා ගන්න ගමන් කිව්වා...එදා සිද්දියෙන් දවස් තුනකට පස්සෙ කට්ටියම මේ කතරගම යන්න සෙට් වෙලා ගමන පටං ගන්න මොහොතෙ...සේරම කට්ටිය ලොකු අම්මලා ආව වෑන් එකට යද්දි ආත්මායි එයාගෙ යාලුවා තරුමිණියි හේශානයගෙ වාහනේට සෙට් උනා...

පිටිපස්සට වැදිලා උන් දෙන්නා ෆෝන් වල මොනාද කර කර බරටම කතාව...හෙන කාලෙකින් සෙට් වෙලා නිසාද කොහෙද උන් දෙන්නා එක දිගට කියව කියව හිනා වෙනො...ආත්මා මෙච්චර කටකාරියක් කියලා මං දන්නෙත් අද....

මං තෝරලා බේරලා අරං ටිකක් ස්ලෝ යන ඉන්ග්ලිශ් ප්ලේ ලිස්ට් එකක් ප්ලේ කරා....පොඩි ගමනක් නෙවෙ නිසා කරච්චලයක් නොවෙන්න සවුන්ඩ් අඩුවෙන් ප්ලේ වෙන්න දැම්මා....

තද වැස්ස මැදින් හිමීට යන්න ගද්දි කෙල්ලො දෙන්නට සෑහෙන්න කතා කරන්න දේවල් තිබ්බත් තුන්සිය හැටපස් දවසෙම මුණ ගැහෙන මටයි හේශානයටයි මොන කතාද.... මං ඉස්සරහ වින්ඩ්ස්ක්‍රීන් එකට වැටිලා විසිරිලා ගිහින් වයිපර් වලින් අයින් වෙලාම යන වතුර බිංදු දිහා බලං හිටියා....ඉස්සරහ පාර අයිනෙ හුරු පුරුදු රූපයක් පේන්න තියෙද්දි මං හේශාන්ට ඒ පැත්ත පෙන්නුවා...

"අම්මටසිරි සිහලි...මොකද දන් නෑ මෙතන.,"

හේශාන් එතන වාහනේ නවත්තද්දි එයා වාහනෙ දිහා බැලුවා... ඉන්නෙ මං කියලා දැක්කම සිහලි හිනා වුනා....

"කොහෙද යන්නෙ මේ.."

"ක්ලාස් අක්කෙ අද....ඔයාලා කොහෙද යන්නෙ.."

"අපි කතරගම යනො චූටි.."

"පරිස්සමින් ගිහින් එන්න එහෙනම්.."

"හරි ඔයත් පරිස්සමින්.."

හේශාන් වාහනේ ඉස්සරහට ගනිද්දි මට ඉබේටම බැලුනෙ ආත්මා දිහා....ඒ ඇස් වල කඳුලු පිරිලා....එක පාරටම මට මතක් වුණා එයාගෙ වචන...

"මං ඔයාගෙ චූටි මැණිකෙ මිසක් වෙන කාගෙවත් නෙවෙයි"

බඩුම තමයි...තරුමිණි මට දාගෙන රවන අතරෙ මං හෙන අසරණ විදියට හේශාන් දිහා බැලුවා..ටහුක් මේ පරයා එක අතක් කටේ ඔබන් හිනාව කාගෙන ඉන්නවා...

emotions (Completed)✓✓Where stories live. Discover now