10th emotion

292 51 9
                                    

"චූටිපුතා වැඩට යන් නැද්ද... නැගිටින්න..."

උදේම අම්මගෙ එලාම් එක...අද සුදු නෝනා ගෙදර වගේ ....නයිට් ඩියුටිය ඉවර වෙලා එම්නැත්තෙ මයෙ හිතේ...

මං නැගිටලා පහලට ආවා...අද නිවාඩු...ඉරිදා දවසම ඉතිම් ෆුල් ෆ්‍රී එකේ ගෙවන්න තියෙන්නෙ... මං එද්දි අම්මා කිචන් එකේ මගෙ කිරි එක හදනො.. මං උදේට කිරි එකක් බොන් නෑ...ජීවිතෙට උදේට ගෙදර නැති අම්මා ඒක දන්නෙත් නෑ...හැමදාම නෑනෙ...ඔන්න ඔහේ ඒක ගහලා දාමු...බොන්න බැරි තරම් අහේනියක් තියනො කියලයි ඉතිම්...

මං අම්මගෙ කම්මුලක් ඉඹලා කිචන් කවුන්ටර් එක උඩ වාඩි වුණා...

"ගුඩ් මෝනින් සුදු නෝනා.."

"මේක බීලා ගිහින් ලේස්ති වෙන්න..."

"අද ඔයාගෙ බබා ගෙදර ඉන්න දවසනෙ කුමාරි අක්කෙ....."

මං කිරි එක එක උගුරට ඇදලා දාන ගමන් කිව්වා...අම්මගෙ මූණට හිනාවක් ආවා ඉබේටම...

"යන්නතං ඇති මං ගෙදර ඉන්න දවසක එක්කෙනෙක් හරි ඉන්නවා..."

"මං ඔවාට ආදරේනෙ ඉතිං සුදු නෝනා...."

මං උඩට දුවන් ආවා වොශ් එකක් දා ගන්න....

"චූටි පුතේ හවසට මං එක්ක ටවුන් එකට ගිහින් එමුද, ගෙදර බඩු ඉවර වෙන්න කිට්ටුයි...."

"හා අම්මා...."

මං අම්මට කෙටි උත්තරයක් දීලා ආයෙ ෆෝන් එකට මූණ ඔබා ගත්තා....මාස ගානක ඉඳලා ගේම් එකේ ගහන එකම ලෙවල් එක...මේක ප්ලේ කර ගන්න කොචච්ර ට්‍රයි කරත් බෑනෙ...

හවස් වෙනකන් කැරකි කැරකි හිටියා මිසක් කිසි වැඩක් කරේ නෑ...කරා නං කරේ පොඩ්ඩක් නිදා ගත්ත එක විතරමයි...සුදු ඉද්දි නිතරම අස් කරපු කාමරෙත් දැං දැං ආයෙ පිස්සං කොටුව වගේ...නිදාගෙන නැගිටලා කාමරේ අස් කරලා වොශ් දාන් මාකට් එක පැත්තට යන්න ලේස්ති වුනා....

පයින් යන්න කකුල් කැක්කුම නිසාදො අම්මම බයික් එකේ යන් කියද්දි මං බයික් එකේ යතුරත් අරන් පහළට ආවා...

කීල්ස් සුපර් කියලා ගහලා තිබ්බ කඩේ ඇතුලට මාත් අම්මගෙ පස්සෙන් ඇවිදන් ගියා....ඇස් යන්නෙම බාර් එකයි,බේකරි එකයි දිහාවට.....ලස්සනට අසුරලා තියන බියර් කෑන් මට අත වනනවා...අම්මා මගෙ අවසන් කටයුතු මෙතනම ලෑස්ති කරයි කියලා මතක් කරන් මම අහක බලා ගත්තා....

emotions (Completed)✓✓Where stories live. Discover now