15th emotion

263 42 4
                                    

"මටත් ඉන්න ඕන..."

මුලු හවස් වරුවම මාච් ප්‍රැක්ටිස් කරලා ඇදුං දෙන කකුල් දෙක ගස ගස මං බෙරිහන් දුන්නා..තරුමිණියයි හේසාන් අයියය් කොහෙවත් නෑ...ශෙවීන් අයියය් නිකිණි අක්කයි අශානි අක්කයි දිහේනුයි මං ඉස්සරහ...දිහේන් තමයි විතූගෙ මල්ලි...එයා අපේ වයසේ..

එයාලා ආවෙ මාව ගෙදර එක්කගෙන යන්න...එයාලා කිව්වට දිහේනුයි නිකිණි අක්කයි දෙන්නා.තරුමිණියා එයිද නොදන්න නිසා නිකිණි අක්කා එන්නං කිව්වා...අද ඒ හැමෝම හවස නවතිනවලු....දිහේනුයි නිකිණි අක්කයිත් මාව දාලා ආපහු එයි...එයාට ප්‍රින්සිපලුයි හවුස් කැප්ටන්ලයි එක්ක මොකද්ද මීටින් එකක් තියන නිසා මට යන්න කිව්වා...

මං යන්න බෑම කියලා මුරණ්ඩු වෙන්න ගත්තා....ඇයි වදේ මං හිටියා කියලා මොනො වෙන්නද....

"නාරි මේ අහපං නංගි,ඌට මීටිං එකයි මැච් එකයි අස්සෙ අනිත් උන් ගැන බල බල උඹවත් පරිස්සං කරන්න බෑනෙ..අ.."

"මට මාව බලා ගන්න පුලුවං..."

"මොකො උඹෙ කට දෙන්නෙ තව අගලක් කොට වෙන්න..."

මොට්ට ශෙවීන් අයියා බෙරිහන් දීලා මට කොට වෙන්න දෙනවා කිව්ව ගමන් මං කට්ටියම දෙපැත්තට තල්ලු කරං  එතනින් දුවගෙන දුවගෙන චේන්ජින් රූම් තියන පැත්තට ආවා...මේක එයා එක්කම විසඳ ගන්න ඕනා..

"ඕයි ඉඳපං ඔහොම නාරී...."

අරුන් කෑ ගහද්දි මං දුවන් ආවා....

"විතූ ඔයා ඉන්නවදෝ...."

දුවන් ඇවිත් චේන්ජින් රූම් එක ලඟින් නැවතිලා බෙරිහන් දෙද්දි එක පාරටම ඒකෙ දොර ඇරිලා මාව ඇතුලට ඇදිලා ගියා...

"මොකෝ චූටි, උඹ මට ඇඳුමක්වත් ඇඳ ගන්න දෙන් නෑද නිදහසෙ...?"

එයා දිහා බලද්දි මගෙ හුම්ම ටික ලෙප්ට් වෙන්න ආවා දෙයියනේ....මං හනිකට බිම බලා ගත්තා....එයාගෙ ඇඟේ තිබ්බෙ ස්පෝට් බ්‍රා එකයි මැච් එකට ඇඳන් හිටිය කොට ශෝටයි විතරයි...එයා කෙල්ලෙක් වුණාට කොල්ලෙක්ගෙ වගේ ඒ ඇඟේ මස් පිඩු බේරිලා තිබ්බා...මං හිතන්නෙ මගෙ කන් දෙකයි කම්මුලුයි ලේ පාට වෙන්නැති....ඇයි මං මෙතෙන්ට ආවෙ....

emotions (Completed)✓✓Where stories live. Discover now