17th emotion

273 50 22
                                    

ඩොක්ට ඉන්න තැනට යද්දි මට හිටියටත් වඩා අමාරුයි...විතූගෙ අම්මා මාව වාරු කරන් එක්කන් ගිහින් පුටුවක වාඩි කරලා අංකයක් අරන් ආවා..අංකෙ 04..ඊයෙ රෑ ඉඳලම නොකා ඉඳපු ඇඟ හරි දුර්වල ගතියක් දැනෙව්වා මට...

වෙලාවට වගේ සෙනඟ අඩුයි...එහා පැත්තෙ පුටුව ඇදන් වාඩි වුණ විතූගෙ අම්මා මාව එයාගෙ උකුලෙන් හාන්සි කර ගත්තා...මගෙ ඇස් එහෙමම පියවෙන්න ආවත් මේ මනුස්සයට වද දෙන්න බැරි කමටම කඳුලු බේර බේර ඇස් ඇරන් හිටියා...

"චුට්ටක් නිදා ගන්න පුතේ..ඔයාට අමාරුයිනෙ..."

අපේ අංකෙ ආවම මාවත් එක්කං අම්මා ඇතුලට ආවා....ලෙඩේ ගැනයි මං ගැනයි මොනවදෝ දේවල් අහද්දි ඔක්කොටම උත්තර දුන්නෙ අම්මා..තේරිච්ච විදියට ඩොකා අම්මව අඳුනනො.....ටිකකින් බෙහෙතුත් අරං අම්මා ආව වීල් එකේම මාවත් එක්කං එන්න ආවා...

"චූටි මැණිකෙ,බඩගිනිද පුතේ...?"

අම්මා මගෙ ඔලුව අත ගාගා අහද්දි මං නෑ කියන්න ඔලුව වැනුවා...

"කට තිත්තයි අම්මා...ඇස් දනවා...ඇඟට පණත් නෑ වගේ හරි අමාරුයිනේහ්...."

මං භාගෙට ඇඬිලා ඉඳං කෙඳිරි ගගා මුමුණද්දි අම්මා මාව පපුවට හේත්තු කර ගත්තා...

"ඉක්මණට ගෙදර යං මැණික....අපි බෙහෙත් බීලා දොයියමු...."

මං ඔලුව යන්තමට හෙල්ලුවා...විතූගෙ අම්මා මට මගෙ අම්මගෙන් නොලැබෙන ආදරේ මතක් කරද්දි මගෙ ඇස් වලින් කඳුලු ආවා...ගෙදර ආවම අම්මගෙ අතින්ම මට සුප් එකක් පෙව්වා...කට තනිකර කරිවිල ගාලා වගේ තිත්තයි,ඒ වුණත් මං නෑ බෑ නොකිය සුප් එක බිව්වෙ ඒ මනුස්සයට වද දෙන්න බැරි කමට...

බෙහෙතුත් පොවලා අම්මා මාව උඩ තට්ටුවෙ කාමරේකට එක්කන් ගිහින් ඇඳෙන් හාන්සි කරා..මගෙ සපත්තුයි ටයි එකයි ගලවලා,තදට ගොතලා තිබ්බ කොණ්ඩෙත් අම්මා ලිහුවා...තනි සුදු බෙඩ් ෂීට් දාපු ඇඳේ මාව හාන්සි කරපු අම්මා මගෙ ඔලුව අත ගෑවා...පුදුම තරං සනීපයි...

මං අම්මා දිහා බලං හිනාවෙලා සැනසිල්ලේ ඇස් පියා ගත්තා...ගින්දර වගේ දැනෙන ඇස් කෙවෙනි වලින් කඳුලු බේරුණා මට දැනුණා....ඒත් වැඩි වෙලාවකට නෙවෙ,මට නින්ද ගියා....

emotions (Completed)✓✓Where stories live. Discover now