16th emotion

269 44 16
                                    

ගෙදර ගියත් මගේ හිතට සැනසීම කියන දේ තිබ්බෙ නෑ...සැරින් සැරේ හිතට දැනුනෙම කවිනි අක්කා හැමෝටම කිව්වොත් මොනවා වෙයිද කියලා....ඒත් ආපස්සට හිතුනා එයත් විතූට ආදරේ නිසා එහෙම කරන එකක් නෑ කියලා...

රෑ මං නොකා ඉද්දි අම්මා බැනලා කෑම එක තියලා ගියා.කවන්න හිතුන් නැද්දො...

තාත්තා නිතරම ගෙදර නොඑද්දි අම්මා වැඩිපුර හිට්යෙ දුකින් තරහින්..එයාට තාත්තා නැතුව පාලු ඇති..මගෙ තාත්තා පොලිස් ඔෆිසර් කෙනෙක්.ඒකත් පත්වීම හම්බෙලා තිබ්බෙ රත්නපුර පැත්තෙ..ඉතින් එයා ගෙදර එන දවස් වලට වඩා නොඑන දවස් වැඩි වුණා..

පහුවදා උදේ මං ඇහැරුණාට වඩා අම්මා මාව බලෙන් ඇහැරෙව්වා...අද එයා තාත්තාව බලන්න යන නිසා වෙන්නැති..උදේ ඇහැරෙද්දි ඔලුව උස්ස ගන්න බැරි වෙන්න ඔලුවෙ කැක්කුම...ඒ වුණාට විතූත් එයි අද.... මං හිත හිත ඇඳුං ඇඳං ලේස්ති වෙලා රිබන් දෙක අතේ අරන් පාරට දිව්වා...ස්කූල් වෑන් එකේ සුදු ම සුදු නිසාදි අක්කගෙ ප්‍රේම පුරාණෙ ගැන පත හෑල්ලක් අහන් මං ස්කෝලෙට ආවා...ඒ අයියා කිව්වලු අක්කගෙ තොල් සෑහෙන හීනි නිසා තොත්තුවක් දෙන්නත් අපහසුයි කියලා...අනිච්චේ දුක්ඛේ දැන් ඉන්න කොලු පරාණ වල හැටි ....කෝවෙ දාලා මකන්ඩෝනෙ මුං...

මං ඉස්කොලෙට යද්දි මගේ තරුමිණි කෑල්ල ඇවිල්ල හම්නෙ ඉතිං...මගේ සූටිච්චා...මං ලඟට ගිහින් ඒකිගෙ අතක් බදාගෙන තොත්තුවක් දුන්නා..වෙනදට මාව සූටි පැටියා ගානට හුරතල් කර ගන්න තරුමිණියා මගෙ අතින් ඇදලා ගත්ත පාරට මාව පරඬැල් කෑල්ල වගේ ඇදිලා ගියා...

"ඌයිහ්...අතත් සිදුනා තරුමිණියො..."

තාමත් ඇඟිලි පාර පේන්න තිබ්බ මැණික් කටුව මං තොල නොපිට හරවං අත ගා ගත්තා..ම්හුක් සිදුනා....තරුමිණියා මාව ගණන් නොගෙන මගෙ බෙල්ලට පිටි අල්ල තිව්වා..

"තලුමිණියා මළමිණියක් වගේ සීතයිනෙ..අත ගම්න අහකට..."

මං ඒකිගෙ අත වීසි කරලා  ඒකිගෙම අත් ගොබයක් අත් දෙකෙන්ම බදා ගත්තා...ඒකි මං දිහා බලන් හිටියා...

"මෙච්චර උණ තියං ඉස්කෝලෙ ආවෙ ඇයි සුදු...අම්මටවත් දැනුන් නැද්ද ඔය ඇඟේ රස්නෙ.."

emotions (Completed)✓✓Where stories live. Discover now