පලමු කෝලහාලය

1.8K 198 11
                                    

"සවීන්ද්‍ර උබ ගෑනු කීයක්ව ඔහොම අසරන කරන්නද හදන්නේ. ඇයි උබට බැරි අර ගෑනිට දරුවෙකුත් දුන්නට පස්සේ ඒකිත් එක්ක එකට ජීවත් වෙන්න "

"ඇයි අම්මට මතක නැද්ද ඒකිමයි උසාවියේදී කිව්වේ මාත් එක්ක ජීවත් වෙන්න බෑ කියලා . ඉතින් මන් ඒකට මක් කරන්නද "

"ඇයි පුතේ උබ ඔහොම හැසිරෙන්නේ. උබයි ආච්චියි නිසා නේද ඒ කසාදෙත් ඉවර වුනේ. ඒ කෙල්ල දුප්පත් කෙල්ලෙක් වුනත් උබට හොදට සලකගෙන හිටියනේ . උබයි ආච්චියි එහෙමයි කියලා ඒකිට කරන අකටයුතුකම් නැවැත්තුවද. ඒකිට වැඩකාරගෑනිටත් අන්ත විදිහට උබලා සැලකුවේ. ඒකී එක්ක නිදාගත්තු උබට ඒකි එක්ක බත් ටිකක් කන එක මදි පුංචි කමක් වුනා. ඒකි එක්ක ඇද පොලු හොල්ලන උබට ඒකි එක්ක එකට වාඩි වෙලා පත්තර බලන එක මදි පුංචි කමක් වුනා. උබගෙන් ගුටිකාගෙන තවත් මේ අපායේ ඉන්න ඒකිට පිස්සු හැදිලා නෑ. ඒකිව අසරන කරලා උබට බැන්දුවා මිසක් ඒකිගේ කැමැත්තෙන්නම් කවදාවත් උබව බදින්නෑ මයෙ පුතා. අන්තිමට ඒකි ඒකිගේ යුතුකම් ඉටුකරලා පැත්තකට වුනා. අන්තිමට වුනේ මේ කිරි සප්පයට අම්මෙක් නැති වුන එක විතරයි "

"අම්මා දැන් ඔය කතාව ඇති. දන්නවනේ ආච්චිඅම්මට ඇහුනොත්. අනික ඔය ගෑනු නිසා මට බනින්න තියාගන්න එපා. ඒකී මාත් එක්ක හිටපු කාලේ මන් ඒකිට පුලුවන් තරන් සැප දුන්නා. මැටි ගෙදර හිටපු ඒකිට වලව්වේ ඉන්න පින නැති වුනා. අනික ගෑනියෙක් වුනාම දැනගන්න ඕනි මිනිහගේ බහට එක පාර කීකරු වෙන්න. මට මගේ දරුවා බලාගන්න පුලුවන් අම්මා ඕවා ගැන නොහිතා ඉන්නකෝ ආච්චි අම්මා කිව්වා බබාව බලාගන්න කෙනෙක් ගේමු කියලා ඉක්මනට "

"තව කාවද උබලෑ ආච්චි බිල්ලට දෙන්න යන්නේ "

"අම්මා දැන් ඇති ! කරුනාකරලා ඔය දරුවවත් අරන් මගේ කාමරෙන් එලියට යන්න. ගෙදර ආපු ගමන් ඔලුව කන්නේනැතුව. නැහිලා නැහිලා එන්නේ . ආපු ගමන් පටන් ගන්නවා. මට ගෑනු පේන්න බැරි ඕකයි. කන්න පහලට ආවම මන් ඔය ගැන කතා කරන්නම් "

නෙරන්ජනී මැනිකෙව බලෙන්ම කාමරෙන් එලියට දාපු සවීන්ද්‍ර , වසා දැමූ දොරට වැරෙන් පහරක් එල්ල කලේ ක්ෂනිකව ඇති වූ කේන්තිය නිසා. ඒ ශබ්දයට දොරට එහා පසින් තම මිත්තනියගේ තුරුලේ සැපට නිදා සිටි කුඩා පුතුත් ඇහැරුනා.

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Where stories live. Discover now