"ඇත්තටම මන් මොකක්ද කරන්න ඕනි ?"
මන් හිටියේ සවීන්ද්‍ර හාමු වහලා දාපු දොර දිහා බලාගෙන. සාලුවෙන් විතරක් වැහිලා තියෙන මගේ නිරුවත් ශරීරේ තැනින් තැන හාමු විසික් කරලා දාපු ඇදුම් එල්ලෙනවා. ඒත් මන් නෙවේ ඒවා අහක් කරන්න ගියේ. මන් ඉන්නේ ඇත්තටම උනේ මොකක්ද කියලා තාම හිතාගන්න බැරුව. පාවිච්චි කරලා විසික් කරලා දැම්මා වගේ වැඩක් නේද සවීන්ද්‍ර මට කලේ . එහෙව් වෙලත් ඇයි මට ඌව දාලා යන්න හිතෙන්නේ නැත්තේ.
මොකද මම මේ ගෑනියෙක් වගේ මේ දොර ඉස්සරහට වෙලා බකන් නිලාගෙන ඉන්නේ. ඇයි මේ ඇස් වලින් වතුර වැටෙන්නේ. සහස්න උබ අඩනවද? ඒකත් උබව පේන්න බැරි මිනිහෙක් වෙනුවෙන්. උබට බෑ මෙහෙම කඩන් වැටෙන්න , සහස්න උබ එල කොල්ලෙක්. මූත් එක්ක බුදියගෙන ගුටි කාගෙන මැරි මැරි ජීවත්වෙනවට වඩා ගෑනියෙක් අරන් ජීවත්වෙන එක කොච්චර ලේසිද .ඒත් ඇයි මට බැරි තාම මේ දොර ඉස්සරහින් නැගිටින්නවත්. සවීන්ද්‍ර උබ ! මූසල නාකියා , මට වශියක් පොවලා. මැරුවත් උබට කබුර කබුරම ජීවත් වෙන්නම හිතෙන්න. අනේ මට මෙහෙම වෙන්න ඕනි නෑ.
සවීන්ද්‍ර POV
අද දවසම ගෙවිලා ගියේ මහා මූසල විදිහට. යුවෙන් දැන් ටික ටික මුරන්ඩුවෙන්න අරන් . මොකුත් කියන්නත් බයයි , කලින් උන දේත් එක්ක. ඒත් මට බයයි කොයි වෙලේ මගේ තරහා ඒයාගෙන් පිටවෙයිද කියලා . පුදුම විදිහට මන් මේ දවස් ටිකේ ඉවසුවේ.
ඒත් ඊයේ රෑ මගේ ඉවසීම බින්දුවටම වැටුනා. ආච්චිඅම්මා කියපු දේවල් නිසා.
මන් දන්නවා එයා හදන්නේ අපේ ජීවිත වලට මැදිහත්වෙන්න , ඒත් එයා මට වැරැද්දක් කරන්නෑ කියලා දන්න නිසාම මන් එයාව විශ්වාස කරනවා. එයාට ගරු කරනවා. කොටින්ම අම්මා පවා ආච්චිඅම්මා කියන දේ එක පාරින් අහනවා. එහෙව් වෙලත් යුවෙන් එයාට කට ගහගෙන ගියා කිව්වාම මට තරහා යන එක සාදාරනයිනේ. ආච්චිඅම්මා කියන්නේ වැඩිහිටියෙක්නේ , එයා දැනගන්න ඕනි වැඩිහිටි අයට ගරු කරන්න. මොනවාවුනත් ඒ ඉන්නේ වලව්වේ මුදුන් මූලය.ඊයේ මන් ගෙදර ආවෙත් ප්‍රශ්න ගොඩක් එක්ක. තේ වත්තේ ඔප්පු වලට හොර ඔප්පු හදාගෙන ඉඩම් වෙන්දේසි කම්පැනි එකකින් නඩුවක් දාලා. ඊයේ වත්ත තක්සේරු කරන්න මිනින්දෝරුවොත් ආවා. ඕවා ආච්චිඅම්මට කියන්න ඕනි නැති නිසා ලෝයර් කෙනෙක් අල්ලගෙන මොනවා හරි කරනවා කියලා හිතන් ගෙදර ආවට පස්සේ ගෙදර ප්‍රශ්න. මිනිහෙක්ට උනත් ඉවසන සීමාවක් තියෙන්න ඕනිනේ. බොහොම අමාරුවෙන් මන් ඊයෙත් යුවෙන්ට අත පය උස්සලා නොහිටියේ මගේම බඩුවලින් පලි අරන්.