3rd person pov
රතුපාට ලියවැලකින් හැඩවෙලා තිබුන ලා කහපාට සරමක් ඇදගත්තු සවීන්ද්‍ර හාමු සුදු අත් කොට යට බැනියමට උඩින් කලු කෝට් එක දාගත්තා. ඒ ඇදුම් සාම්ප්‍රදායික වුනත් සවීන්ද්‍ර හාමුට ඒවයින් එකතු වුනේ කඩවසම් පෙනුමක්. හරියටම වලව්කාරයෙක්ට තියෙන්න ඕනි නපුරු කඩවසම් පෙනුමක් සවීන්ද්‍රට පිහිටලා තිබ්බා. ඒත් ඒ හදවත
සවීන්ද්‍ර POV
ඊයේ ඉදන් බලාගෙන හිටියට කොලබ ලමිස්සිව බලන්න ඒකිට මාව බලන්න එන්න බැරි ලු. ආච්චිඅම්මා කියන විදිහටනම් දේවකීලගේ වලව්වෙන් අහගත්තු විස්තර නිසාලු කැමැත්ත දීලත් දැන් අකමැතිවෙලා තියෙන්නේ. කොහොම හරි මන් ආයි තනිකඩයෙක් වුනා. තනිකඩකම මට ගැටලුවක් නෙවේ. මට ඕනි අවශ්‍යතා ඉටු කරගන්න මට ඕනි තරම් ගෑනු හොයාගන්න පුලුවන් ඒත් මගේ පුංචි කොල්ලට අම්මෙක්ගේ උනුහුම ආදරේ ඕනේ. අම්මෙක් නැතුව කොහොමද මන් කොල්ලෙක්ව හදාගන්නේ. ඌ ඇට්ටරයෙක් වෙයි. බැරි වෙලාවත් මන් කොල්ලට අම්මෙක් ගෙනාවේ නැතොත් ඌ මාවත් දාලා උගේ අම්මා හොයාගෙන ඒ මැටි ගෙදරට යයි.
නෑ නෑ මගේ කොල්ලා එහෙම කරන එකක් නෑ. ඒකට තේරෙයි ලොකු වුනාම දාලා ගිය අම්මට වඩා ලග ඉන්න තාත්තා හොදයි කියලා.ඒත් බැරි වෙලාවත් කොල්ලා දැනගත්තොත් එයාගේ අම්මා එයාව අතඇරියේ තාත්තා නිසා කියලා අනිවාරෙන්ම මගේම දරුවා මට වයිර කරයි.
දැන් මට හැමදේකටම වඩා මගේ දරුවා වටිනවා. අවුරුදු ගානක් බලාගෙන ඉදලා දෙවියෝ මගේ ලගට දරුවෙක් එව්වා විතරයි. මන් කොහොමද මගේ එකම උරුමේ නැති කරගන්නේ. මන් මගේ දරුවා වෙනුවෙන් මගේ නම්බුව පැත්තකට දානවා. මන් උබට උබේ අම්මා ගෙනල්ලා දෙන්නම් මගේ පුතේ. ඒකිගේ කකුල් දෙක අල්ලලා වැදලා හරි මන් උබට උබේ අම්මගේ උනුහුම අරන් දෙන්නම්.
තීරනයක් ගත්තු මම කෙලින්ම ගියේ මගේ දරුවගේ අම්මා උන සේපාලිව හොයාගෙන. " සේපාලි " ගේ ගෙවල් තිබ්බේ ගමේ කෙරෝලට වෙන්න. ගමේ හිටිය ලස්සනම කෙල්ල තමා සේපාලි කියන්නේ. අහම්බෙන් උනත් මගේ ඇස් ඒකිටම වැටුනේ ඒ නිසා වෙන්න ඇති. පව් අසරන පොඩි කෙල්ල දරුවා මතක් කර කර හූල්ලනවා ඇති. මට බයේ වෙන්න ඇතිනේ වලව්වටවත් එන්නේ නැත්තේ.