තෙවන කෝලහාලය

1.4K 202 29
                                    

ප්‍රධාන ගේට්ටුව ලග ඉදන් වීර සුන්දර වලව්වට යනකම් මීටර් සීයක විතර දිග වැලි පාරක් තිබුනා. ඒකේ තැනින් තැන කුඩාවට වැවිලා තිබුන වල්පැල උදුපියලිය ගලෝන එක තමා සහස්නගේ පලවෙනි දඩුවම. ඒ තනකොල ගලවන්න පුලුවනුත් අතෙන් විතරක් නිසා කලින් දවසෙ මුලු වත්තම නිරීක්ෂණය කරලා ගිය සහස්න වැඩ පටන්ගන්න පාන්දර පහමාරටම ආවා.

කොච්චර අලුත්වැඩියා කරලා පිටතින් ඔපදාලා තිබ්බත් වීරසුන්දර වලව්ව පරම්පරා ගානක් පරනයි. ඒ නිසාම වෙන්න ඇති පිටතින් බලන ඕනෙ කෙනෙක්ට වලව්ව මූසල පාටට පේන්නේ. ඒත් සහස්න නම් හිතුවේ වලව්ව මූසල වෙලා තියෙන්නේ ජීවත්වෙන මිනිස්සුන්ගේ මහන්තත්තකම නිසා කියලා. ඉතින් එයා වැරදිද.

පාන්දරම වැඩට ආව සහස්න ගේට්ටුව ලග ඉදන් තනකොල ගලවන්න ගත්තා. පාන්දර නිසා මුලු පලාතම කලුවර උනත් වලව්වේ තාප්පෙට සවිකරලා තිබුන විදුලි බුබුලු සහස්නට අදුර අඩුකරලා දුන්නා.

එකින් එක සහස්න තනකොල ගලවද්දී හදවතින් සවීන්ද්‍ර හාමුට බැන වදින්නත් සහස්න අමතක කලෙ නෑ.  සවීන්ද්‍රව සහස්නට පෙවුනේ පොහොර වැඩිවෙලා ඉදිමුන වට්ටක්කා ගෙඩියක්වගේ. මහන්තත්තකමට ඉදිමුන සවීන්ද්‍ර හාමු.

එක දිගට විනාඩි පහලොවක් විතර  තනකොල ගලෝපු සහස්නට දිව ගිලෙන තරම් වතුර තිබහක් ආවා. වලව්වෙනම් විදුලි බුබුලු දැල්වෙනවා ඒත් සහස්න වතුර ටිකක් බොන්න තෝරගත්තේ වලව් වත්ත පල්ලෙහා තියෙන පින් ලිද. වලව්වෙන් වතුර බීලා ආයි ගුටිකන්න ඕනිද . සහස්නට එහෙමයි හිතුනේ. ඒක නිසාමයි සහස්න පුංචි එලියක්වත් නොවැටෙන වල්ව් වත්තේ පිටිපස්සට ගියේ.

"එච්චර ලොකු කලුවරක් නෑනේ "

සහස්න එයාටම කියාගත්තේ වලව්වේ විදුලි බුබුලු වලින් වැටෙන කනාමැදිරි එලියක් ලිද පැත්තට වැටිලා තිබුන නිසා. ඒ නිසාම බයක් කියන නාමයක් හිතට නොදැනුනු සහස්න ලිද පැත්තට යන්න ගත්තත් එක පාරටම සහස්නගේ හිත ගැස්සුනේ එයා දැකපු දෙයක් එක්ක.

එයා දැක්කේ ගෑනුකෙනෙක්ව. කන සුදුපාටට හුරු රෑ ඇදුමක් ඇදන් හිටපු ඒ කෙනාගේ කොන්ඩේ පිරිමියෙක්ගේ වගේ කපලා තිබුනා. මූන නොපෙනුනත් සහස්නට තේරුනා එයා අඩනවා කියලා. මොකද ඒ ගෑනුකෙනාගේ උරහිස් හයියෙන් ගැස්සෙන නිසා. ඒත් මේ පාන්දර ගෑනු කෙනෙක් මොකක්ද වලව්වේ මේ පාලු ලිද ලග කරන්නේ .

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Where stories live. Discover now