අටවන කෝලහාලය

1.3K 200 42
                                    

මොකෝ අනේ පනේ ගාන්නේ. උබ දන්නවද ඒ කරන්න හදපු වැඩේ බරපතලකම. ආ ....... ගෙවල් වලට ගිහින් සමාව ගන්න ඕනි නෑ. අන්න නැන්දම්මයි මාමන්ඩියි එනවා නෝනත් එක්කම. ටිකක් පරිස්සමින් කතා කරනවා , මාමන්ඩිගේ අතේ මන්නෙකුත් තියෙනවා "

සවීන්ද්‍ර හාමු පාර දිහා බලාගෙන කියද්දී මගේ කටේ කෙලත් හිදුනා. නැග්ග ඒවත් බැස්සද මන්දා. මොන මගුලටද මෙයාලා මාව හොයාගෙන එන්නේ. ඉක්මනට හිටගත්තු මම සවීන්ද්‍ර හාමු බලන දිහා බලද්දී දැක්කේ අම්මයි තාත්තයි එක්ක අඩ අඩ මේ පැත්තට එන නංගිව.

මට කරකියා ගන්න දෙයක් නැතිවුනා. අන්තිමට මට පේන්නම බැරි මනුස්ස ශරීරේ පිටිපස්සට ගියපු මම ලැජ්ජාව පැත්තකින් තියලා "අනේ අදට විතරක් බේරගන්නවද හාමු " කියලා පින් සේන්ඩු වුනා. මනුස්සකම කියන නාමයක් හරි තියෙනවනම් බේරගනීනේ. අනික මන් එයා කරපු තරම් නරක වැඩක් කලෙත් නෑනේ.

" කාටකොටන්නද උබ කැත්තක් අරන් යන්නේ හේතුපාලයෝ !"

ලග ලගම එන හේතුපාල මාමගෙන් සවීන්ද්‍ර හාමු එහෙම අහද්දී හාමු අහපු දේ ඇහුන් නැති ගානට හේතුපාල මාමා හබරල ගාල පැත්තට රිංග ගත්තා. නැන්දා තමා ඊට පස්සේ නංගිවත් ඇදගෙන අපේ පැත්තට ආවේ. මාව නිකම් වෙවුලනවා වගේ. මේවා අපේ අයියලා දැන්ගත්තොත් මාව ගහලම මරයි. අනේ දෙයියනේ මන් මොන විනාසෙකටද මේ කර ගැහුවේ. නංගී තාම අඩනවා. ඒත් මොකටද මේකි අඩන්නේ. මන් ඒකිගේ කටේ බලෙන් ගැහුවෑ. එයාටමනේ ඕනි වුනේ.

"අනේ සවීන්ද්‍ර හාමු "

නංගිත් එක්කම සවීන්ද්‍ර හාමු ලගට ආපු හේතුපාල නැන්දා අත්දෙක එකතුකරලා වදිනවා වගේ හාමු ලග කොන්ද පාත් කලා. මන් ඇත්තටම නැන්දගේ නම මොකක්ද කියලා දන්නේ නෑ. ගමේ අය කියන්නේ හේතුපාලගේ ගෑනි කියලා. කොල්ලො කුරුට්ටෝ කියන්නේ හේතුපාල නැන්දා කියලා.

"මොකෝ හේතුපාලයා කැත්තකුත් අරන්"

සවීන්ද්‍ර හාමු ඇහුවේ සාමාන්‍ය විදිහට වුනත් ඒ කටහඩ හෙන ගැබුරුයි. නංගි හාමුගේ කටහඩ ඇහුන ගමන් ගැස්සිලා හාමු දිහා බැලුවා. හාමුත් බලාගෙන හිටියේ නංගී දිහාමයි. ඒ බැල්මනම් නිකම් මරන් කන්න වගේ බැල්මක්. ඒ නිසාමද කොහෙද නංගි මන් දිහාත් ලාවට බලලා බිම බලාගත්තා. එයාගේ ඉකියනම් හැබැයි තවත් වැඩි වුනා. පව් මොනවා වුනත් ගෑන් ලමයෙක්නේ.

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Where stories live. Discover now