විසිවන කෝලහාලය

858 135 17
                                    

"සවීන්ද්‍ර ඇහැරෙන්න. ඔයා කඩාගෙන වැටුනම කවුද මේ වැඩ බලන්නේ "

තම මිත්තනියගේ හදිසි වියෝව දරාගන්නට බැරිව සිහිසුන්ව සිටි සවීන්ද්‍ර හට නෙරන්ජනී මෙන්ම සහස්නත් වරින් වර කතා කලද ඔහුගේ අවදි වීමක සේයාවක් දක්නට තිබුනේ නැත. සවීන්ද්‍ර සිහිසුන් වී විනාඩි දහයකටත් වැඩිය තවම ඔහුගේ  කිසිදු ඉන්ද්‍රියක් චලනය කිරීමට නොහැකි වී දරදඩු ලෙස ඔහේ මිත්තනියගේ කුටියේ පොලොව මත වැතිරී සිටින්නේය.

"අම්මා ඔයා ගිහින් වෙන්න ඕනි වැඩ ටික බලන්නකෝ. මන් හාමුව ඇහැරවන්න බලන්නම් "

කරදර පැමිනෙන විට එකපිට එකය. තවත් මරනයක් වලව්වට කොහොමත් බර වැඩිය.  සිතුවාට වඩා වලව්වේ ආර්තිය මේ දිනවල යහපත්ද නැත. සේවක සේවිකාවන්ට ගෙවූ පසු  වියදමට මුදල් ඉතිරිවනවා මිසක ඉතුරු කිරීමට තරම් ලාභයක් නැතිය.  මේ පිලිබදව දිනක් සවීන්ද්‍ර දුරකතනයෙන් කතා කරනවා සහස්න නිදිඇදේදී අසා සිටියේය. ලොකු මැනිකෙගේ මරනය ඔහුට දුකක් නොගෙනාවත් ඉදිරි වැඩ කටයුතු කෙසේ කරන්නේද කියා, සහස්න සිතින් වද වුනේය.

"එහාට පලයන්! ඈතට පලයන් මගෙන් "

කල්පනාවක සිටි සහස්නව එක පාරටම සවීන්ද්‍ර හාමු තල්ලු කර දමා  කාමරයේ දොර වැසීමට තිබෙන ලීය ගෙන සහස්නට පහර දෙන්නට උත්සහ කලේය.

සවීන්ද්‍රට පියවි සිහිය පැමින තිබුනද තවම ඔහුට මිත්‍යාව හා සත්‍ය වටහා ගැනීමට නොහැකි විය. සහස්නද සිදු ඌ දෙය සිතා ගැනීමට නොහැකිව දනිපනි ගා නැගිටගෙන කාමරයෙන් පිටතට දිව්වේය.

"අම්මා අම්මා... නෙරන්ජනී මැනිකේ !!"

සහස්න කෑ ගසාගෙන මුලුතැන්ගෙට ගිය අතර එහිදී ඔහුට තම වැඩිමහල් සහෝදරයා සමග බරපතල කතාවක සිටින නෙරජනී මැනිකේද දැකගන්නට ලැබුනේය. සහස්නගේ කෑ ගැසීම නිසා සියල්ලන්ගේම අවදානය ඔහු වෙත යොමු විය.

"ඇයි දරුවෝ. සවීන්ද්‍ර නැගිට්ටද ?"

"ඔව් අම්මා මන් නැගිටලා ඉන්නේ. ඇදුමක් දාගෙන ගිහින් අම්මා ග්‍රාමසේවක හම්බුවෙන්න. මරනෙ ගැන දන්වන්න. ඉතිරි වැඩ ටික මන් බලාගන්නම්. රජයෙන් ඇවිත් බලනකම් ආච්චිඅම්මාව අල්ලන්න එපා. සහස්න උබ දරුවා ගැන බලපන්. දැන් දවස් හතක්වත් මිනිස්සු  වල්ව්වේ පිරිලා ඉදී. මගේ කොල්ලට ලෙඩක් වෙන්න නොදී බලාගන්න එක උබේ වැඩක්. මන් යනවා අනිත් වැඩ ටික බලන්න. අම්මත් තවත් තැත්ගැහි ගැහි ඉන්නේ නැතුව ගිහින්. ග්‍රාමසේවක හම්බුවෙන්න."

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Where stories live. Discover now