දෙවන කෝලහාලය

1.4K 199 22
                                    

සවීන්ද්‍ර POV

"සුනන්දා !!"

මන් පපුවත් අල්ලගෙන නැගිට්ටා. මාස ගානකට පස්සේ එයාව මතක් කල නිසා වෙන්න ඇති හීනෙනුත් එයාව පේන්න ඇත්තේ. ඒ රූපේ දැකලා හිතමාර විදිහට ගැස්සුනා. අදටත් මතකයි එයා කොහොමද මැරිලා හිටියේ කියලා. තාමත් ඒ අදුරු මතක යටි හිතාස්සේ හොල්මන් කරනවා. මැරිලත් මේ ගෑනු නිදහසේ ඉන්න දෙන්නෑනේ.

"ඒ ගමන මොකාද ඒ කාමරේ බඩු පෙරලන්නේ "

නිදාගන්න හදලත් එහා කාමරේ සද්දේ එක්ක නින්ද නොයද්දී බාගෙට බුරුල් වෙලා තිබුන සරමත් හරියට ඇදගත්තේ මොකාද බඩුපෙරලන්නෙ කියලා බලන්න යන්න. ඒත් ඇහැරුන ගමන් ඇදෙන් නැගිටින්න පුදුම කම්මැලීකමක් දැනුන නිසා එහෙම පැය බාගයක් විතර ඉදලා තමා ඕපදූප හොයන්න යන්න ගත්තේ. කුසුමා කාමරේ අස්කරනවා ඇති. ආච්චිඅම්මා කිව්වනේ අස්කරෝනවා කියලා.

පැය බාගෙකට විතර පස්සේ මන් මාස ගානක් දූවිල්ලෙන් විතරක් වැහිලා තිබුන අපේ කාමරේට ගියා. සුනන්දගෙයි මගෙයි කාමරේ. අපේ ආදරනීය මොහොතවල් ගත වුන කාමරේ. අපි දුක සතුට බෙදාගත්තු කාමරේ. එයා යන්න ගියේ ඒ හැගීම් ඔක්කොම අරගෙන මූසල මතක ගොඩක් විතරක් එකතු කරලා. ඒ නිසාමයි මන් මේ කාමරේටයි ඒකිටයි දෙකටම වයිර කරන්නේ.

පුදුමයි ! කාමරේ පුදුම විදිහට අස් වෙලා. කලින් තිබ්බ මූසලපාට නැතිවෙලා ගිහින්. මුලු කාමරේටම අලුත් එලියක් ඇවිත්. කොලබ ලමිස්සි ආවම හරි ආස වෙයි කාමරේටනම්.  දෙයියනේ මේකි දැන්ම ඇවිල්ලද. හරිම ලස්සනයි පිටිපස්සෙන්නම්. සුනන්දගේ වගේම හරිම ශේප් ඇගක් තියෙන්නේ ඒ කෙල්ලට. කොන්ඩේ උනත් සුනන්දා වගේ ගොඩක් කොටට කපලා. මොකක්ද හේතුවකට ඒ රූපේ දැක්කම මට මගේ පලවෙනි ආදරේ මතක් වුනා. මට වංචාකරලා මාවම දාලා ගිය මගේ ආදරේ මතක් වුනා. කොහොම කියලා මිනිහෙක් පලමු ප්‍රේමය අමතක කරන්නද ?

මන් හිමින් සීරුවේ ඒ කෙල්ල ලගට ලං වෙලා කුස වටා දෑත් යවලා ඒකිව බදාගත්තා. අත්වලට අහුවෙන තරම් හරිම පොඩි ඇගක් ඒක. මන් ආසම විදිහ ඒක. ගෑනියෙක් වුනාම චූටියට හුරතලේට කීකරුව ඉන්න ඕනි. එතකොට තමාමිනිහෙක්ට උනත් ආස හිතෙන්නේ.

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Where stories live. Discover now