දහඅටවන කෝලහාලය

1.4K 212 25
                                    

" යුවෙන්. ඔය දරුවා නලවනවකෝ "

කල්පනා ලෝකෙක ගිලිලා හිටපු සහස්න , සවීන්ද්‍ර නිසා මේ ලෝකෙට ආවා. තාම හවස තුනට විතර ඇති. සවීන්ද්‍ර ඇවිත් හිටියේ වත්තේ වැඩ බලලා. එයා එහෙම්ම ඇදට වැටිලා නිදාගෙන වෙන්න ඇති. සහස්න එහෙම හිතුවා.

එයා දැනගෙන හිටියේ නෑ සවීන්ද්‍ර කොයි වෙලාවේ කාමරේට ආවද කියලා. කොයි වෙලේ එයාලා ලගින් නිදාගත්තද කියලා. මොකද එයා හිටියේ ගැබුරු නින්දක බයානක හීනයක් දකින ගමන්.

පුතාගේ කෑ ගැහිල්ලට ඇහැරුනත් කල්පනාවත් එක්ක සහස්නට අමතක වුනා දරුවව නලවන්න ඕනිත් එයානේ කියලා. අවුරුදු විස්සක කොල්ලෙක් කොහොමද මේ තරම් දේවල් කරට ගන්නේ. දරුවෙකුයි බැදීමකුයි නිසා සවීන්ද්‍ර සහස්නගේ ලස්සනම කාලේ උදුරගෙනද.

"ඇයි සුදු චූටියා අඩන්නේ ... වූ වූ... අයියා එක්ක තරහද ... නරක බබ්බු තමා අඩන්නේ. තාත්තා ඔයාව ගිලී නැගිට්ටොත් එහෙම හරිද "

( අනේ මට ලමයට දාපු නම මතක නෑ. කාට හරි නම මතකනම් මටත් කියාගෙන යන්න ) 

පුතාව කකුල් දෙක උඩින් තියාගත්තු සහස්න ඇද පත්තට හේත්තු වෙලා හුරතල් විදිහට කතා කරන්න ගත්තා. ඉබලම ඉදිමුනු ඒ කම්මුල් වලට ඇගිලි දෙකින් ඇන ඇන හුරතල් කරන ගමන් මේ කතා කරන හැම දෙයක්ම සවීද්‍රත් නිදි වගේ අහන් හිටියා.

සවීද්‍රට හිනා මේ මෝඩ කොල්ලා කියවන කතා අහලා. අයියයි තාත්තයි ?? ඒ මොන නෑ කමක්ද ? කෑ ගහලා අහන්න ඕනි වුනත් සවීන්ද්‍ර කට වහගෙන හිටියේ චූටි පුතත් එයාගේ භාෂාවෙන් හරි හරියට සහස්න එක්ක කියවන්න අරන් තිබ්බ නිසා. කවදාවත් පුතා සවීන්ද්‍ර එක්ක ඔහොම හුරතල් වෙලා නෑ. දරුවව යුතුකමක් විදිහට බලා ගත්තට උස්මහත් කලාට එයාට පුතාව මග ඇරිලා. ලාවට ඇස් ඇරලා සහස්න දිහා බැලුව සවීන්ද්‍රට පුංචි ඉරිසියාවක් ඇති වුනා. එයා පුතාගේ ආදරේ තමාගෙන් උදුරුගෙන වගේනේ.

"කෑ ගහන් නැතුව නලෝපන්කෝ. නැත්තම් අරන් එලියට පලයන්. කරුමේ නිදාගන්න නෑ "

සහස්නගේ කෝලම් දිහා බලාගෙන හිටිය සවීන්ද්‍ර ආයි පුපුරන්න ගත්තා.

"හාමු ඉතින් කටවහගෙන ඉන්නකෝ. ආයි පුතා අඩනවා. කෑ ගහලා ඒ දරුවවත් බය කරනවා "

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Donde viven las historias. Descúbrelo ahora