විසිඑක්වන කෝලහාලය

928 150 53
                                    

"සේපාලි මොකක්ද උබට කිව්වේ  "

"පුතා ගැන සවීන්ද්‍ර හාමු. ලොකු වෙලා නේද කියලා ඇහුවා "

"ඕකනේ උබට මන් කිව්වේ පොඩි එකා අරන් ඔය පහල ගැවසෙන්න එපා කියලා. මගේ පොඩි එකාට දාලා ගියපු ගෑනු ඕනි නෑ. උබ උඩට වෙලා හිටපන් ඒක නිසා. "

"ඒත් හාමු හරි නෑනේ. ගෙදර දෙයකදි එහෙම ඉන්න එක."

"ඒක මට ප්‍රශ්නයක් නැත්තම් එච්චරයි . උබේ මිනිහා මන් මිසක් වෙන කවුරුත් නෙවේනේ. තනියම උඩ ඉන්න බයනම් මන් කුසුමට එන්න කියන්නම් එයත් එක්ක උඩට වෙලා ඉන්නවා. මට මල ගෙදර වැඩ එක්ක තමුසෙලවත් බලන්න වෙලාවක් නෑ. ඒක නිසා දෙයක් කිව්වාම තේරුම් ගන්නවා. තව ටිකකින් මගේ යාලුවෙකුත් එනවා කොලබ ඉදන් . උඩට වෙලා ඉන්න ගමන් එහා පැත්තේ කාමරේ සුද්ද කරලා දානවා . මිනිහා හත්දවස ඉවර වෙනකම්ම මෙහෙ ඉදී. දැන් තමුසෙට කරන්න වැඩකුත් තියෙන එකේ පහලට ඇවිල්ලා කකුල් දෙක කඩාගන්න එපා මට කියලා . මන් කතා කරන්නම් තමුසෙට ඕනේ උනොත්. "

"හ්ම්ම් "

කෙටි උත්තරයක් දීපු සහස්නගේ නලලට හාදුවක් දුන් සවීන්ද්‍ර සහස්නව තනිකර නැවත මිනිසුන් අසලට යද්දී සහස්නගේ වෙනස් වුන ඇස් වල තිබ්බ වයිරයේ ආශාව හැමෝගෙන්ම හැංගිලා ගියා.

එයා මේ දවස එනකම් ගොඩක් කල් බලාගෙන හිටියා. ආයි ඌ එනවා. එයාගේ පලිගැනීම සම්පූර්න කරන්න ආයිමත් ඌ ගමටම එනවා. ඌ නිසා මැරුන අසරන උන මිනිස්සු වෙනුවෙන් පලිගන්න සහස්නගේ ශරීරකූඩුව ඇතුලේ කොටු වුන සුනන්දා හාමු බලාගෙන ඉන්නවා.

පුංචි අයුකව නලෝ නලෝ බලෙන්ම වගේ නිදි කරෝපු සහස්න අයුකව ඇද උඩින් තියලා හතර වටේට කොට්ට තිබ්බා. අයුකට කරදරයක් වෙනවට එයා කැමතිනෑ. අයුක කියන්නේ එයාගේ සුවසෙස්ගේ ලේ දාතුව. තමන් පන වගේ ආදරේ කරපු මිනිහගේ එකම  උරුමය.

"ඔයා මේ හැම දේකටම මට ස්තූති කරයි සහස්න. මන් පොරොන්දු වෙනවා මේ හැම දෙයක්ම හරි ගස්සලා මන් ඔයාටයි සවීන්ද්‍රටයි පාඩුවේ ඉන්න දීලා යන්න යනවා කියලා "

අයුකව ඇදෙන් තියලා කන්න්නාඩි මේසේ අසලට ගියපු සහස්න තමන් දිහා බලාගෙන ඒ විදිහට මුමුනද්දී එයාට දැනුනා එයා අවුරුදුගානක් එනකම් බලාගෙන හිටපු කෙනාගේ වහගේ ගම් මායිමට ඇතුලු උනා කියලා. ඒ දැනුන ඉගියත් එක්ක සහස්න බොහොම බයානක විදිහට හිනා වුනා.

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Where stories live. Discover now