අවසන් කෝලහාලයට පෙර

875 83 15
                                    

Skip නොකර  , අවසානෙට කලින් අපි ටිකක් කතා කරමු⭕

ලස්සනට පටන් ගන්න තැනක් මට හිතාගන්න බෑ.
ඒ නිසා ප්‍රශ්නෙකින්ම මන් පටන් ගන්නම්..

"වීරසුන්දර වලව්ව " කියන මේ කතාව කියවද්දී ඔයාලට මැව්න රූපේ මොකක්ද ?
සවීන්ද්‍ර ? එතකොට යුවෙන් ව එහෙම කොයි විදිහටද ඔයාලා මවා ගත්තේ ?

මන් නම් එයාලව මවා ගත්තේ මන් හදුන්වා දීපූ රූපෙන්මයි. ඒත් සමහර වෙලාවට කතාව ලියද්දී මන් ඔලුවෙන්ම හදාගන්නවා චරිතෙට ගැලපෙන රූපයක්. ඒක හිතාගෙන තමා මන් කතාව කන්ටිනිව් කරන්නේ.
ඔයාලත් එහෙමනේ නේද ?

සාමාන්‍යයෙන් මන් කතාවක් කියවද්දී වුනත් එහෙමයි.
මන් ඕනි ship එකක් කියවනවා. ඒත් මගේ හිතින් මන් මවාගන්නේ මට ඕනි රූප.
Non fictional කියෙව්වත් එහෙමයි. මන් කොහොමත් ඕතර් අපිට හිතෙන්න ලේසියට පෙන්වන රුපේ නෙවේ ගොඩක් වෙලාවට මන් මගේ හිතෙන් මවාගන්නේ.

මේක ඉතින් ෆැන්ටසියක්නේ , ඒ නිසා මන් ඒ ෆැන්ටසි ලෝකේ ඇතුලේ නිදහසේ  පියාබනවා..

ඒත් ළමයි , මන් මොකක් හරි ship එකක් හා සම්බන්ද කතාවක් කියවනවනම් ගොඩක් වෙලාවට මන් කරන්නේ මන් ඒකටම ගැලපෙන වෙනත් ship එකක කැරැක්ටර්ස් දෙකක් ගැන හිතාගෙන කියවන එක.,

උදා :- yizhan = taekook 

නැත්තම් ඒ රූප වලට සමාන දෙන්නෙක්  මවාගෙන ඒ කතා කියවන එක.

උදා:- මන් ආසම japanese bl couple එකක් ඉන්නවා. ගොඩක් වෙලාවට මන් කතාවක් කියවද්දී මට මැවෙනේ එයාලව.

ඒ ඇරෙන්න ඔය manhua වල දැක්ක රූප එහෙමත් මැවෙනවා. ඒත් කවදාවත් පිටරට ship එකකට අදාල කතාවකට මන් ලංකාවේ රූප මවාගන්නේ නෑ. මොකද ඒ ඕතර් කතාවට පදනම දාන්නේ පිටරට කපල් එකක් උපකල්පනය කරලා කියන එක හොදට දන්න නිසා.
අනික ගොඩක් වෙලාවට ඒ මවන රූප ඇතුලේ ඒ අදාල චරිතයට අදාල අංග ලක්ෂන ලස්සන විදිහට ගැබ්වෙලා තියෙන නිසා.

උදා: xiaoගේ බනී මූන. අමතක නොවෙන බර්ත් මාක් එක.

Yiboගේ කටකොනින් දාන හිත් ඇදගන්න හිනාව.

මේ වගේ හින්ට්ස් දෙද්දී අපි මවාගත්ත රූප කැලේ . එතකොට අපිට ආයි මෙයාලගේ රූපෙම මවාගෙන කතාව කියවන්න පුලුවන් වෙනවා. ඉතින් සිංහල නම් දාලා , සිංහල විදිහට ලිව්වත් අපි දන්නවා මේ රූපෙට ගැලපෙන්නේ මෙහෙම කෙනෙක් කියලා.

ඉතින් බබාලා මට අන්තිමට කියන්න තියෙන්නේ. ඔයාලගේ ෆැන්ටසිය ඇතුලේ ඔයාලා නිදහස් කැමති දෙයක් කරන්න. අකමැති නම් නොකර ඉන්න. අපි කාටවත් බෑ ඔයාලා හිතන විදිහ නවත්වන්න.

මන් සෘජුවම කිසි දෙයක් කියන්නේ නෑ. ඒත් ඔයාලා කැමති විදිහේ කතාවක් කියවන්න ඔයාලට පූර්න අයිතිය තියෙනවා. ඒ වගේම තමන් මවන සුරංගනා ලෝකය අකුරු කරන්නත් ඔයාලට අයිතියක් තියෙන්න ඕනි.

මන් කතාවකට අකුරු අහුලනවනම් ඒ කරන්නේ ආසාවට මිසක් ප්‍රතිලාභ  බලාපොරොත්තුවෙන් නෙමේ. මෙතන හැමෝම එහෙමයි. අපි කරන්නේ ෆැන්ටසියක් මවන එක විතරයි. ඒවා කියවනවද නැද්ද කියන එක තීරනය කරන්න ඕනි බලන්නා.

අවසාන වශයෙන් ෆැන්ටසියයි රියලටියයි පටලෝගෙන . ෆැන්ටසියක් අස්සේ යාතාර්තය හොයන්න එපා. යතාර්තය කියන්නේ යතාර්තයට මිසක් කවදාවත් හැබෑ නොවෙන ෆැන්ටසියකට නෙවේ.

අපි චූටි කාලේ ඉදන්මයි ෆැන්ටසි ලෝක වලට යන්නේ  ,

උදා:- සින්ඩරෙල්ලා , ස්ලීපින් බියුටි..

මේවගේ ෆැන්ටසි කතා බැලුවා කියලා අපි බලාගෙන හිටියේ නෑනේ සෙරප්පුවට ගැලපෙන කකුලක් හොයන කුමාරයෙක්වත් , නින්දෙන් ඇහැරවන්න එන කුමාරයෙක්වත්. ඉතින් එච්චරයි . ෆැන්ටසිය කියන්නේ ෆැන්ටසියකටම විතරයි. ඇත්ත ලෝකය ඒකට කූබියෙක්ගෙ තරම්වත් අදාල වෙන්නේ නෑ...

විස්කොතුයි...

ආදරයෙන්
රූබි ජේන්.... ❤️

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Where stories live. Discover now