එකොලොස්වන කෝලහාලය

1.5K 217 41
                                    

සවීන්ද්‍ර , සහස්න ලගින් අයින් වුනා. ඇත්තටම එයාට අයින් වෙන්න වුනා. එහා කාමරේ බෙරිහන් දෙන පුංචි පැටියට ඒ වෙලවේ වැඩි අවදානයක් දෙන්න ඕනි නිසා සවීන්ද්‍ර සහස්නගේ ලගින් අයින් වුනා.

"ඔහොම ඉන්නවා . මන් කොල්ලව අම්මට දීලා එන්නම් "

ඇදෙන් නැගිට්ට සවීන්ද්‍ර , සහස්නට කියද්දිත් සහස්න යන්නත් ලෑස්තිවෙලා ඉවරයි. එයාට ලැජ්ජයි. එයා මොකක්ද මේ කරන්න හැදුවේ. එයාට පේන්නම බැරි මිනිහත් එක්ක නිදියන්න නේද. සහස්නගේ ඔලුවට වරදකාරී හැගීම් ගොඩක් ආවා.

"මට.. මට යන්න ඕනි සවීන්ද්‍ර හාමු "

සහස්න වචන ඇහිලුවා. මේ වෙලාවේ රන්ඩුවෙන එකට වඩා හොදින් කතා  කරලා විසදගන්න එක හොදයි කියලා සහස්නට හිතුනා. ඒත් සවීන්ද්‍ර ඒ කිසිදෙයක් නොඇසුනු ගානට කාමරෙන් යන්න ගියා. ඒකත් පිටතින් දොර අගුලු දාලා.

කාමරෙන් එලියට ගියපු සවීන්ද්‍ර , එයාගේ පුංචි පුතාව බොහොම පරිස්සමට වඩාගෙන තමන්ගේ අම්මව හොයන් ගියා. මොහොතකට කලින් තමන්ගේ ජීවිතේට ඇගිලි ගහන්න එපා කියලා අම්මට අවවාද කරපු පුතෙක් ආයි අම්මගෙම උදව් පතන් ගියා.

සවීන්ද්‍ර කාමරෙන් එලියට යනකම් හිටපු සහස්න එයාගේ අත මිටිකරලා දොරට ගහගෙන ගහගෙන ගියා. මොකක්ද මන් කරන්න හැදුවේ. ඇයි මන් ඒකට ඉඩ දුන්නේ. ඇයි මන් ඒ දේට කැමතී කියලා හිතෙන්නේ. තමන්ගෙන්ම ප්‍රශ්න අහගත්තු සහස්න තරහා නිවෙනකම් එයාගෙන්ම පලිගත්තා.

අන්තිමට සහස්නට දෙයක් තේරුනා. දවල් එයාගේ ආදරවන්තියත් එක්ක ගතකරපු ඒ පුංචි මොහොතට වඩා සවීන්ද්‍ර එක්ක ගතකරපු මේ මොහොත එයාට ගොඩක් දැනුනා කියන එක. පිටතින් අකමැති වුනාට සවීන්ද්‍රගේ රලු ගතියට සහස්න කැමති වුනා. එයාට යටත් වෙලා ඉන්න සහස්නගේ යටිහිත එයාටත් හොරා කැමති වුනා. හංගන් ඉන්න උත්සහකලත් තමාවම රවට්ටගන්න කොච්චර උත්සහ කලත් මාස ගානකට කලින් මරලා දාපු සහස්නගේ හැගීම් ආයි උඩට ආවා.

එයාට මතක් වුනා ඒ අතීතය. තමන්ගේ ගුරුවරයත් එක්ක ලෝකෙටම හොරා පටන් ගත්තු සම්බන්දය. ඒ කොලබ ඉදලා මේ දුෂ්කර ගමට ආපු කඩවසම් ගුරුවරයා එක්ක සහස්න ඇතිකරගත්තු අසම්මත සම්බන්දය. ඉගෙනීමට දක්ෂයෙක් වුන සහස්නව බිදලා දාලා සහස්න ඇතුලේ හිටිය අහිංසක හුරතල් කොල්ලව මරලා දාලා ඇට්ටර මදාවි කොල්ලෙක් ලෝකෙට බිහිකරපු අමතක කරන්න හැදුවත් කවදාවත් අමතක නොවෙන සම්බන්දය. ආදරය වේෂයෙන් රාගය සොයා ඇවිත් සහස්නව විනාශකරලා දාපු ඒ අතීතය. 

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Onde histórias criam vida. Descubra agora