පස්වන කෝලහාලය

1.3K 193 26
                                    

සහස්න pOV

"වැඩ ඉවරනම් පලයන් යන්න. මොනවද තව කන්න බලන් ඉන්නේ "

එකපාරටම උනේ මොකක්ද කියලා හිතාගන්න බැරි වුන මම සවීන්ද්‍ර හාමුගේ නපුරු කටහඩට ගැස්සිලා ඒ පැත්ත බැලුවා. මන් ඒ වෙනකොටත් හිටියේ පොලව මැදපු වතුර බාල්දිය අතේ තද කරගෙන ඊයේ අස් කරපු කාමරේ දිහා බලාගෙන. ඒත් දැන් තප්පරේකට කලින් මන් හිටියේ මේ කාමරේ ඇතුලෙනේ. මේ මූසල වලව්ව ඇතුලේ මොන මගුල් වෙනවද කියලා මට තාම හිතාගන්න බෑ. ඒ අස්සේ මේ කුපාඩියත් බෙරිහන් දෙනවා.

පොඩ්ඩක් හිටපිය , තොපේ බූදලේ උස්සන් යන්න ආවේ නෑ. මටත් හිතාගන්න බැරුව ඉන්නේ මේ මන් මොකක්ද මෙතන කන්න වගේ බලන් කරන්නේ කියලා. හිතුවත් මන් නෙවේ කියන්න ගියේ. අපේ ගෙදර මිනිස්සු ඔක්කොම රස්සා කරන්නේ මුගේ යටතනේ. එහෙම නොවුනනම් මන් දන්නවා කරන වැඩේ. මන් ඉතින් මොකුත් නොකියා වතුර බාල්දියත් හයියෙන් තුරුලු කරගෙන  එන්න හැදුවා.

" තමුසේ ආයි වැඩ කරද්දී ඔහොම ඇදුම් අදින්න තියාගන්න එපා. අද ඉදන් මේ ගෙදරට ගෑනු ලමිස්සියෙක් එනවා ඒක නිසා වැඩකරද්දී කමිසයක් ඇදන් ඉන්නවා. හිගන්නා වගේ ඉන්නැතුව "

මන් ගොඩ පාරක් ඉවසුවා , මේ ඉන්නේ වලව්වේ ලොකු හාමුනේ කියලා. ඒත් තව බෑ. මූ හිතාගෙන ඉන්නේ පවුලම මුන්ට කබුරන්න ඕනි කියලද දන්නෑ. අනික මූ කවුද මට හිගන්නා කියන්න. මන් මුගෙන් සල්ලි හිගාකන්න ආවේ නෑනේ.

"සවීන්ද්‍ර හාමු මේ , මගේ අතින් වැරැද්දක් වුනා මන් ඒකට දඩුවම් වින්දා . දැන් ඒක ඉවරයි . ආයි මන් මේ මගුලේ වැඩ කරන්න එන්නෑ. අනික මන් එදා කලේ මහන්සියට ටිකක් ඇදෙන් ඉදගත්තු එක විතරයි . තමුසේ මොකක්ද මට කලේ මගේ ඇග හූර හූර. මන් ඒවට මොකුත් කිව්වේ නෑනේ. මට ඕනිනම් එදා කියන්න තිබ්බා ලොකු හාමුට  තමුන්ගේ කුපාඩිකම , ඒත් මන් කටක් හෙල්ලුවේ නෑ ඒක මටත් ලැජ්ජාවක් නිසා. මගේ කට අවුස්සගෙන වැඩ වරද්දගන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න සවීන්ද්‍ර හාමු"

කියෝගෙන කියෝගෙන ගියපු මම හැදුවේ එතනින් එන්න උනත් කුපාඩියගේ වචන එක්ක මන් ආයි එතනම නතර වුනා.

"දැන් තමුසේ දීපු දඩුවම හරියට ඉවර කරලද යන්නේ ඔය. බලහන් මෙතන වතුර වැටිලා. ඔය කාමරේට අද හවස නෝනා කෙනෙක් එන්න තියෙනවා. දැන්ම ඔය ටික පිහිදාපන්. වැඩකාරයෝ නිසා මට ලැජ්ජ වෙන්න බෑ "

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Waar verhalen tot leven komen. Ontdek het nu