සිව්වන කෝලහාලය

1.2K 184 26
                                    

සහස්න POV

උදේ දහයටත් කිට්ටුවෙලා,මන් තාම වැලිපාර මැදක ඉදගෙන තන පැල උදුරුනවා. උදේ උනත් මේ වෙලාවේ වැටෙන අව්වත් හරිම සැරයි. අතපය පිච්චිලා යනවා වගේ.  උදේම වතුර දාලා ඉවර කරපු නිසා මේක පස්සෙ කරන්න දාගත්තත් දැන් තමා ඒ මෝඩකම තේරෙන්නේ. මේ වෙලාවට තමා ඉතින් මට අර නාකි මිනිහත් එක්ක මල පනින්නේ. මුටනම් ගෑනියෙක් සෙට් වෙන්නම හොද නෑ. නාකි මනමාලයා. කුපාඩිකම නම් තියෙනවා. ඒකට මොකද ? යකෝ මන් ගිහින් උගේ ඇගේ එල්ලුනා වගේනේ මූ මට ගැහුවේ. මුන්ගේ ඉඩමක නොහිටියනම් මන් ඕකගේ අත කඩනවා. මුන් හිතන් ඉන්නේ අපි මුන්ගේ කකුල් ලග වැටිලා ඉන්න ඕනි කියලා.

මේ මගුල ඉවර වෙලා ගෙවල් හෝදන්නත් ඕනිනේ. ඒක  නිසාම මම  අත ඉක්මන් කලා. කොච්චර කොහොම ඉක්මනට කලත් පැයක් විතර ගියා මුලු පාරම සුද්ද කරන්න. එහෙම්ම ඒ ටික අතුගාලා දාලා මන් වලව්වට ගොඩ වුනේ පිලිකන්න පැත්තෙන්මයි. ඉස්සරහා දොරින් ගියාකියලා ඊට පස්සේ තව මගුලක් කරන්න කියයි. උන්ටම හරියන නීතිනේ. අද සහේලි නංගිව බලන්න යන්නත් තියෙනවා.

සහේලි කියන්නේ මගේ එකම ආදරේ. අපි දෙන්නා යාලු වුනේ ගිය අවුරුද්දේ . එතකොට එයා දහය වසරේ මන් දහතුන වසරේ. අද එයා එකොලහ වසරේ මන් ස්කෝලෙන් අවුට් වෙලා. එයාට අද තමා ඕලෙවල් ඇඩ්මිෂන් ගන්න යන්න තියෙන්නේ . ඒ නිසාම වෙන්න ඇති කෙල්ල දිල්ෂානයා අතේ හම්බවෙන්න කියලා පනිවිඩයක් එවන්න ඇත්තේ. ඒත් ඉතින් මේ වැඩ ඉවර කරලා මට එකහාමාරට කලින් ස්කෝලේ ලගට යන්න පුලුවන් වෙයිද.

තවත් පැයක් ගෙවිලා ගියා. නංගිව බලන්න යන්න ඕනි නිසාම ඇදගෙන ආපු තිබුන හොදම කලිසම කුනුවතුරෙන් තැනින් තැන තෙමිලා. වෙලාවට ටීෂර්ට් එක ගලෝලා පැත්තකින් තිබ්බේ නැත්තම් ඒක ඇදන් යන්නවත් වෙන්නෑ. මන් ආයි පාරක් බිම පිහිදදා ඉදපු රෙද්ද වතුර බාල්දියේ එබුවා. වතුර එකම කුනු පාට වෙලා. යට තට්ටුව විතරයි තාම පිහිදාලා ඉවරත් උඩ තට්ටුව එහෙම්ම තියෙනවා. දැනටම දොලහයි වෙලාව. මට නංගිව හම්බවෙන්න බැරිවෙයිද.?

මන් වතුර බාල්දියත් අරන් උඩ තට්ටුවට නැග්ගා. පඩිදෙකෙන් දෙකට දුවන්න වගේ පඩිපෙල නැගපු මාව එක පාරටම කවුරුහරි වැලමිටෙන් ඇදලා ගත්තා. ඒක සීතල දරදඩු අතක්. මගේ වැලපිට කැඩිලා යන තරම් තදින් එයා මාව අදින්න ඇති. ඒත් මන් බලද්දී එතන කවුරුවත් හිටියේ නෑ. බොරුකියන්න ඕනි නෑ මගේ හිත ගැස්සුනා. උදේ සිද්දියත් ඒත් එක්කම මගේ ඔලුවට ආවා.

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Where stories live. Discover now