දහහත්වන කෝලහාලය

1.3K 216 47
                                    

සහස්න ගොඩක් වෙලා වහලා දාපු දොර දිහා බලාගෙන හිටියා. ඊලගට කරන්න ඕනි මොකක්ද කියලා හිතන්නවත් කාලය නාස්ති නොකරපු සහස්න බලාගෙන හිටියේ සවීන්ද්‍ර දොර ඇරගෙන ඇවිත් බලෙන්ම ආයි එයාව කාමරේ ඇතුලට දාගන්න කම්. සහස්න හැමදාම වගේ ආදරේ නිසා බොලද වෙලා. ආදරේ නිසා අන්ද වෙලා.

ඒ ඇස් වලින් විටෙන් විටේට කදුලු බින්දුව ගානේ කඩාගෙන වැටෙනවා. එයා අඩන්නෑ , ඒත් ඒ ඇස් එයාටත් හොරෙන් අඩනවා. සහස්න කියන්නේ දුර්වලයෙක් නෙවේ , ඒත් එයාගේ ඇස් එයාට වඩා දුර්වල ඇති.

පැය කාලක් , පැය බාගය, පැයකටත් වඩා වැඩියෙන් පනක් නැති දොර දිහා බලාගෙන හිටපු සහස්න දොර ඉස්සරහින් නැගිට්ටා. තව දුරටත් එයාගේ හදවතට තමන්ව පාලනේ කරන්න දෙන්න සහස්නට ඕනේ වුනේ නෑ. එයා මොලයට ඇහුන්කම් දුන්නා.

සවීන්ද්‍ර තමන්වත් එක්ක ඇදලා එලියට දාපු ඇදුමක් ඇදගත්තු සහස්න අනිත් ඇදුම් ටික අතේ ගුලි කරගත්තා. ඔව් සහස්න හදන්නේ යන්න. වලව්වෙන් ඈතටම යන්න.

අන්තිම ඇදුමත් අතේ ගුලි කරගත්තු සහස්න අන්තිම මොහොතෙත් දොර දිහා බැලුවා. එවලේ හරි සවීන්ද්‍ර එයාට කතා කලොත් නවතින්න බලාගෙන සහස්න හිටියේ. ඒත් එයා වැරදී , සවීන්ද්‍ර එයාව විසිකරලා දාලා ඉවරයි, එහෙම තේරුම් ගත්ත තරුන ඉලන්දාරියා වලව්වෙන් පිටවෙන්න අවසාන තීරනේ ගත්තා.

වලව්වේ තියන බිත්ති වහලා දාපු දොරවල් මතකේ රදෝ ගන්න ගමන් සහස්න හිමින් හිමින් ඇවිද්දෙත් සවීන්ද්‍ර ඇවිත් නතර කරගනී කියලා යටි සිත කිව්ව නිසා වෙන්න ඇති.

"එහෙනම් සමුගමු සුනන්දා හාමු "

වහලා දාලා තිබුන සුනන්දගේ කාමරේ දිහා බලාගෙන කියපු සහස්න අහිංසක විදිහට හිනා වුනා. එයා දන්නවා සුනන්දා එයා දිහා බලාගෙන ඉන්නවා කියලා. එයාව බය කරන වෙලාවකට උදව් කරන ඒ ගෑනු ආත්මය වෙන කවුරුවත් නෙවේ සුනන්දා හාමු කියන්න සහස්න හොදටම දන්නවා. සමහර රැයවල් සහස්නගෙන උදුර ගන්න , සමහර වෙලාවට දවස් පිටින් සහස්නගෙන් උදුරගන්න ඒ බලගතු ප්‍රේත ආත්මයේ අයිතිකාරිය මුලු වලව්වටම ඇහැගහගෙන ඉන්නවා කියලා සහස්න දන්නවා. ඒ ගැන කියන්න හදන හැම වෙලාවකම තමන්ව නවත්වන ඒ බලවේගය සුනන්දමයි කියන්න එයා හොදටම දන්නවා.

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Where stories live. Discover now