දහනවවන කෝලහාලය

1.1K 205 54
                                    

බයෙන් බිරන්තව සිටි සවීන්ද්‍ර ඉක්මන් අඩි තබමින් සිය මිත්තනියගේ කුටිය වෙත ලගා විය. නමුත් පුදුමයට කරුන නම් , සෑම විටම පව්ද්ගලිකතවයට මුල් තැන දෙන සවීන්ද්‍රගේ ආච්චිඅම්මාගේ කුටිය අද ඕනෑම අයෙක්ට ඇතුලු විය හැකි ලෙස දොර ගුලු විවර කර තිබීමය.

"ආච්චි අම්මා... සුනන්.."

විවරව තිබූ දොරගුලු පිලිබදව සිහියක් නොතිබුනු සවීන්ද්‍ර කෑ ගසමින් කුටිය තුලට ඇතුලු උවද එක්වරම දුටු දසුනින් ඔහුට මව් භාෂාව පවා අමතක විය.

වයසින් මුහුකුරා ගියද ගාම්භිර තේජාන්විත භාවයක් ඇති තම මිත්තනිය එලෙසින්ම කුමන හෝ වැඩ රාජකාරියක ඇතැයි කියා සවීන්ද්‍ර සිතූහ. නමුත් කුටියට ඇතුලු වු ඔහුගේ බලාපොරොත්තු ක්ෂනයෙන් සුනු විසිනු විය.

තමා මුහුන දුන් භයානක සිදුවීම තම මවටත් පෙර මිත්තනියට පවසා පිලිසරනක් සොයා පැමිනි සවීද්‍රන්ද්‍රට විදුලි පංකාවේ එල්ලී සියදිවි නසාගෙන සිටි තම මිත්තනිය දැකීමෙන් සිදු කල යුත්තේ කුමක්ද කියාත් අමතක විය.

"අම්මා!!!!!!"

කම්පනයට පත්ව සිටි සවීන්ද්‍ර එක් වරක් බෙරිහන් දුන්නේය. නමුදු කිසිවෙකුට හෝ ඔහුගේ හඩ ඇසුනු බවක් පෙනෙන්ට තිබුනේ නැත.

"අම්මා!!!"

සවීන්ද්‍ර නැවතත් කෑ ගැසූහ. පිලිතුර පෙර ලෙසමය , මූසල නිහඩ බවට කැටි වුන මකුනු ගද කාමරය පිරවූවේය. කෙතරම් ශක්තිනත් පිරිමියෙක් උවද සවීන්ද්‍ර මනසින් සෑහෙන්න කඩා වැටී සිටි අතර බිය හා වෙදනාව අතර බැදීමක ඔහු සිර වී සිටියේය.

"දඩාස්....."

මූසල නිහඩ බව බිදිමින් කාමරයේ දොර වැහී ගියේය. එය සවීන්ද්‍රට බලපෑමක් ඇති නොකලත් අනපේක්ෂිත සිදුවීමක් හෙයින් ඔහු ගැස්සී ගියේය.

"ස... ................"

ඔහුට තනිවම කුටිය තුල සිටිය නොහැකිය. මිය ගොස් සිටිනුයේ තම මිත්තනිය වුවද  මිය ගිය පසු නෑ කම් බලපාන්නේ නැත. මීට මොහොතකට පෙර සුනන්දා තමා හට සිදු කෙරූ දේවල් සිහිපත් වූ සවීන්ද්‍ර ඉක්මනින් දොර ඇරගෙන කුටියෙන් එලියට පැමිනෙන මොහොතේම මහලු ගෑනු කටහඩකින් තම නමේ මුල් අකුර ශබ්ද වන ආකාරය ලාවට ඇසුනේය.

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Where stories live. Discover now