විසි හතරවන කෝලහාලය

833 138 49
                                    

එශාන්ව සවීන්ද්‍ර එක්කගෙන ආවේ එයා ආයි කවදාවත් එන්න බලාපොරොත්තු නොවුන කාමරේකට. ඒත් මොනවා කරන්නද ? එශාන්ට බෑ සවීන්ද්‍රට හේතුවක් දීලා කාමරේ එපා කියන්න.

"වොෂ් එකක් දාගෙන වරෙන්. මන් පහල ඉන්නේ "

"හ්ම්ම්"

සරල උත්තරයක් විතරක් දුන්න එශාන් සවීන්ද්‍ර ගිය ගමන් කාමරේ දොර වහලා දැම්මා.  දොර වහලා දාපු එශාන් මෙච්චර වෙලා අතේ එල්ලගෙම හිටපු ඇදුම් බෑග් එක ඇද උඩට විසික් කරලා එහෙම්ම ඇදට පැනලා ඇස් දෙක පියාගත්තා.

එයාට මේ අවුරුදු ගානට ගොඩක් දේවල් අමතක වෙලා ගිහිල්ලා. නැත්තම් එයාට කොහොම අමතක වෙන්නද , එදත් කාමරේ තිබුනේ මේ විදිහටමයි කියලා. ඔව් , හරිම ලේසියි. ගෑනියෙක්ව බෝහොම කැත විදිහට අසරන කරලා. ඒ ගෑනිට මැරෙන්න හිතෙන තැනට වැඩ කරලා. ඌ හරි ලේසියෙන් ඒ ඔක්කොම අමතක කරලා දාලා.

විනාඩි පහක් විතර ගිමන් හැරපු එශාන් බෑග් එක ඇදලා ඇදුම් ටිකක් එලියට ඇදගෙන ඊලට ලං වුනේ අල්මාරිය ලගට. මේ එදා තිබ්බ පරන තාලේ විශාල අල්මාරියම තමයි. ඒත් මෙයාට ඒවා කොහෙ මතක තියෙන්නෙද.

ඇදුම් ටිකත් අතේ ගුලි කරගත්තු එශාන් අල්මාරිය ඇරලා ඇදුම් ටික ඒක ඇතුලට ඔබන්න හැදුවත් අල්මාරිය පිරෙන් තිබ්බ සුදුපාට සාරි ගොඩ දැකලා එශාන් පුදුම වුනා. මෙච්චර සාරි ගොඩක් මෙහේ කවුරු අදින්නද. අනිකඇයි සුදු සාරිම.

"සුනන්දා ඇන්දේ සුදු සාරි විතරනේ එශාන් " ඒකත් ඔයාට අමතක වුනාද?

වැඩිය හිතන්නෙ නැතුව සාරි ටික පැත්තකට තල්ලු කරපු එශාන් එයාගේ ඇදුම් ටික අල්මාරිය ඇතුලට තල්ලු කරලා බෑග් එකේ තිබ්බ ටවල් එකත් අරගෙන කාමරේටම සම්බන්ද කරලා තිබුන නාන කාමරේට ගියා.

මේ හැම දෙයක්ම දිහා සුනන්දගේ ආත්මය හරිම වේදනාවකින් බලන් හිටියා.

"එයාට දුකයි, අවුරුදු ගානක් සුන්නදා ඒ මතක නිසා විදෙව්වා. මේ පෙරේත ආත්මයට සමු දීගන්න බැරිව හිටිය. ඒත් ඌ. ඌ ඒ අවුරුදුගානටම කරලා තියෙන්නේ මේ හැමදේම අමතක කරලා සතුටු වුන එක. මේ තරම් අපරාදයක් කලාට පස්සේ එක දවසක්වත් ඌ කොහොමද හොදින් ඇහැපියාගත්තේ "

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Where stories live. Discover now