My Alpha -chapter 02

250 41 5
                                    

🦄 ජැකි මේ දෙන්නාට රූම්ස් ලෑස්ති කරලා දෙන්න මහන්සි ඇති..

🍂යමු පුතාලා..ඔයාලට මහන්සි ඇති..වොශ් එකක් දාගෙන එන්න..අපි කමු..!!

ජැක්සන් යූන්කුක් දෙන්නාව තුන්වෙනි තට්ටුවේ තිබ්බ ගෙස්ට්ලට ඉන්න පුලුවන් කාමරේකට එක්කන් ගිහින් දෙන්නාටම කාමර දෙකක් පෙන්නලා වොශ් දාගෙන එන්න කියලා පහලට ගිය..ජැක්සන් ගිය ගමන් ඉක්මනට දොර වහගත්ත ජන්ග්කුක් ඉක්මනට ඇදුම් බෑග් එකත් ලෑස්ති කරන් වොශ් එකක් දාගන්න ගියේ ඇත්තටම එයාට යකෙක් කන්න තරම් බඩගිනි නිසායි..

පැය භාගයක් විතර වොශ් දාපු ජන්ග්කුක් ටවල් එක විතරක් ඉනට ඇදගෙන එලියට ආවේ ඇදුමක් දාගන්න උනත් එයාට එකපාරටම ජනේලේ හරියෙන් සද්දයක් ඇහුන නිසා ඒ පැත්ත බැලුවා..ඒත් පේන්න කිසිම දෙයක් නැති නිසා ඇරත් ඉන්නේ තුන්වෙනි තට්‍ටුවේ නිසාත් ජන්ග්කුක් එහෙම්ම ඇදුම් මාරු කරගන්න ලෑස්‍ති උනත් එයාගේ පිටිපස්සෙන් හෙවනැල්ලක් මතු උන නිසා එයා එකපාරටම පිටිපස්සට හැරුනා..

🐰 ක..කවුද ඔයා ??

ජන්ග්කුක් කටත් ඇරන් බලන් හිටියේ එයාගේ පිටිපස්සේ ඉන්න කෙනා දිහායි..ජන්ග්කුක්ට විශ්වාසයි එයා මනුස්සයෙක් වෙන්න බැහැ කියලා..මොකද ඒ ඇස් නිල් පාටයි..හරියට ගැඹුරු මුහුද වගේ..ඒ වගේම ඒවා දිලිසෙනවා..ඇරත් එයා සුවදයි..ජන්ග්කුක්ට දැනුනා එයාගේ සුවද...ආපු වෙලේ ඉදන් මේ ගෙදරින් ලාවට දැනුනේ ඒ සුවද උනත් ජන්ග්කුක් තේරුම් ගත්තා එයාගේ ඉස්සරහ ඉන්න කෙනාගේ ලැවැන්ඩ්‍රා මල් සුවද තමයි එයාට දැනුනේ කියලා..ඒ වගේම එයා කොහෙන්ද ආවේ ?? ජන්ග්කුක්ට හොදටම මතකයි එයා කාමරේ දොර ලොක් කරා කියලා !!

🐯 ඔහ් මේට් !! ඔයා මගේ මේට් නේද ??

නිල් ඇස්වල අයිතිකාරයා ජන්ග්කුක්ට ලන් වෙන ගමන් අහනකොට ජන්ග්කුක් අඩියක් පස්සට ගියා..එයාගේ ඉස්සරහ ඉන්න කෙනා ලස්සන බව ඇත්ත !! එයා සුවද බවත් ඇත්ත !! ඒත් එහෙමයි කියලා එයාට බැහැ ජන්ග්කුකව ඉව කරන්න..

🐯 ඈතට යන්න එපා...ඔයා සූදයි...ස්ට්‍රෝබෙරි සුවදයි..මට ඔයාව හව් හව් ගාලා කන්න හිතෙනවා !!

නිල් ඇස්වල අයිතිකාරයා ජන්ග්කුක්ගේ ලගටම ඇවිල්ලා කියනකොට ජන්ග්කුක් පස්සෙන් පස්සට ගිහින් අන්තිමට ඇද උඩටම වැටුනා..ඒත් ඉතින් ඒ නිල් ඇස්වල අයිතිකාරයා සැලුනේ නෑ..එයා හිමින් ඇදට නැගලා ජන්ග්කුක්ගේ ඇග උඩටම ඇවිල්ලා ජන්ග්කුක්ගේ බෙල්ල අස්සේ මූන ඔබාගෙන ඉව කරේ ජන්ග්කුක්ගේ පපුව අසූහාරදාහට ගැහෙනකොටයි..වෙන කෙනෙක්ව නම් ජන්ග්කුක් මේ වෙනකොටත් එලවලා දාලා උනත් ජන්ග්කුක්ට තාම හිතාගන්න බැරි උනා ඇයි එයා මේ කොල්ලාව තල්ලු නොකරේ කියලා..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now