File No.39 - Chapter 05

107 14 3
                                    

අදට යූන්ගි හැමදේකම ඇත්ත දැනගෙන මාසයක් වෙනවා වගේම ජින් කිව්ව විදියටම ලෝයර් කෙනෙක් ලව්වා ජන්ග්කුක්ට අවුරුදු 18 සම්පූර්ණ උන නිසා අම්මාලා ඉතුරු කරපු දේපලක් ලැබුන විදියට දේපල හැම එකක්ම පැවරුවා..මේ දේවල් වලට ජන්ග්කුක් නුහුරු උනත් හැමෝම එයා ලගින් හිටපු නිසා ජන්ග්කුක් බය උනේ නෑ..විශේෂයෙන්ම ජින් හිටපු නිසා..කිම් කම්පැනි එකේ ශෙයාර්ස් වලින් 30%ක් එයාගේ නමට තියෙනකොට ජන්ග්කුක් ප්‍රශ්න කරත් ජින් බොරුවක් හදලා ජන්ග්කුක්ගේ ඔම්මලා කලින් කම්පැනි එකේ වැඩ කරලා තියෙනවා කියලා ජන්ග්කුකේ විශ්වාසේ දිනාගත්තා..ජින් කිව්ව නිසා ජන්ග්කුක් එක පයින්ම ඒක විශ්වාස කරත් නම්ජුන් නම් ඒ ගැන විශ්වාස කරේ නෑ..මොකද නම්ජුන් හොදටම දන්නවා කිම් කම්පැනි එකේ දේවල් මෙහෙම නිකන් ජන්ග්කුක්ට ලැබෙන්නේ නෑ කියලා..ඒත් ජින්ගේ මැදිහත්විම නිසාම නම්ජුන් ඒ ගැන වැඩිය හාර අවුස්සන්න ගත්තේ නෑ..ඇරත් එයාලට ඒකට වෙලාවක් තිබ්බේ නෑ..වෙනදා වගේ ජින් බීලා ආවේ නැතත් හැමදාම ගෙදර එන්නේ රෑ වෙලා නිසාත් ජින් සැරින් සැරේ අසනීප වෙන්න ගත්ත එක එයාලට ප්‍රශ්නයක් උනා..කොලේජ් එකෙ ඇතුලෙදි දෙපාරක්ම කලන්තේ දාලා ජින්ව හොස්පිටල් අරන් ගියත් චැනල් මුකුත්ම කරන්න කලින් ජින් බලෙන් ටිකට් කපාගෙන ආවා..යූන්ගි ඒ ගැන ඇහුවත් ජින් වචනයක්වත් යූන්ගිට කිව්වේ නෑ..

ඒත් තත්ත්වේ දරුණු උනේ කොලේජ් එකේදි ජින් ලෙක්චර් එක වෙලාවේ එකපාරටම වොශෲම් දිව්ව දවසෙයි..එදා ජින්ගේ ලෙක්චර් එකට ටේහ්‍යුනුත් ඇවිල්ලා හිටිය නිසා ජින්ගේ පස්සෙන් ටේහ්‍යුනුත් දිව්වා..ඉතින් ජින් වොශෲම් එකේ ලේ වමනේ කරන එක ටේහ්‍යුන් ඇස් දෙකෙන්ම දකිනකොට එයාට දැනුනේ ඇගම කඩාගෙන වැටෙනවා වගේ හැගීමක්..ටේහ්‍යුන්ට කරන්න ඕනෙ මොකක්ද කියලවත් හිතාගන්න බැරිවෙනකොට ටේහ්‍යුන් කරේ ජින්ව බදාගෙන අඩපු එක..අන්තිමට ජින්ට අසනීපේ පැත්තක තියලා බය වෙලා ඉන්න ටේව සන්සුන් කරන්නත් උනා..ඒ දවස්වල එක්සෑම් නිසා එක්සෑම් ඉවර උන ගමන් ඩොක්ටර් කෙනෙක් ලගට යනවා කියන පොරොන්දුව පිට ජින් ටේහ්‍යුන්ව කාටවත් මේ ගැන නොකියන්න පොරොන්දු කරගත්තා..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now