මේඝා - Chapter 04

100 19 3
                                    

වර්ශ 980
ජෝසන් රාජධානිය.
අවසන් මින් රාජ්‍යය පාලනය.

" යූන්ගි ඔබ කිරුල හිමි කුමරියක් සරණපාවා ගත යුතුයි !! "

🐱 මා හට තවම එවැන්නක් අවැසි නෑ පිය රජතුමණි..ඔබ ඇයි සැම විටම එකම දේ පවසන්නේ ??

රජුගේ අන කිසිම විදියකට කනකට නොගෙන යූන්ගි පවසනකොට රජු හට කේන්ති ගියා..හරි නම් මේ වෙනකොට යූන්ගි කුමරු විවාහ ගිවිසගෙන සිටිය යුතු වුවත් ඔහු හැම වෙලේම එය ප්‍රතික්ෂේප කරන නිසා රජු සිටියේ කෝපයෙන්..

ජෝසන් රාජධානියේ වත්මන් පාලකයා වෙන මින් ජේසින් රජු හට පුත් කුමාරවරු දෙදෙනෙක් සිටියත් පලවෙනි පුත් කුමාරයා වන සියොක්ජින් කුමරු උපබිසවගේ දරුවෙක් නිසා අගබිසවගේ දරුවා උන මින් යූන්ගි තමයි කිරුල හිමි කුමාරයා උනේ..නමුත් අගබිසවගේ හදිසි වියෝවත් සමගම උප බිසව අගබිසව වූ නිසා ඇයට ඕන කරේ කෙසේ හෝ කිරුල ජින් කුමරුහට ලබා දෙන්න..නමුත් රජු වගේම ජින් කුමරුත් එයට කැමති වූයේ නෑ...

🐹 ඔබ කිරුල පලදින්න නම් විවාහ විය යුතුයි යූන්ගි..ඇයි මෙතරම් මුරන්ඩු වෙන්නේ ??

ජින් අසනකොට යූන්ගි ජින් දෙස බැලුවේ කේන්තියෙන්..ඇයි කාටවත්ම තේරුම් ගන්න බැරි ඔහුගේ හිත ගැන..තරුණියක් විවාහ කරගන්න ඔහුට බැහැ..

🐱 මන් කැමති නෑ ජෝසනයේ සිටීන ලද බොලද තරුණියක් විවාහ කරගන්න !!

යූන්ගි තමන්ගේ අවසාන තුරුම්පුවත් ඒ විදියට ඉදිරිපත් කරනකොට රජුගේ මූනෙන් කනස්සලු පෙනුමක් දකින්න වුවමනා උනත් එලෙස පෙනුමක් තිබ්බේ නෑ..ඒ වෙනුවට තිබ්බේ ජයග්‍රාහි පෙනුමක් වෙනකොට යූන්ගිගේ මූන අදුරු උනා..

" හරි ඔබ අකමැති ජෝසනයේ තරුණියන්ටනේ..මා ලග එයට විසදුමක් තියෙනවා "

🐱 එ..ඒ කුමක්ද ??

" මූගල් රාජ්‍යයේ මගේ පැරණි මිතුරා !! "

රජු එලෙස කියනකොට යූන්ගි ,ජින් වගේම යූන්ගිගේ ප්‍රධාන ආරක්ෂක ජිමින් පවා රජු දෙස බැලුවේ ප්‍රශ්නාර්ථ බැල්මක්..

🐹 ඔබ පවසන දේ අපිට තේරෙන්නේ නෑ පියරජතුමනි !!

" කලබල වෙන්න එපා ජිනා..මන් දැනගත්තා මොහු විවාහ වීමට අකමැති හේතුවට අවසන් තුරුම්පුව ලෙස පවසන්නේ එය බව..ඉතින් මන් කලින් ඉදන්ම එයට ලෑස්‍ති උනා..."

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now