සැඩ රළ - chapter 02

33 9 0
                                    

❤️ ඔම්මා..අප්පා...??

සේරා පහලට එනකොට කලින් මූන් එක්ක හිනාවෙවී සෙල්ලම් කර කර හිටපු අම්මයි තාත්තයි දැන් අඩනවා දැක්කාම එයාට වෙන දෙයක් හිතාගන්න බැරුවයි හිටියේ..වෙනදට හිනා වෙලා ඉන්න හෝසියෝක් පවා කදුලු පුරෝගෙන ඉන්නකොට සේරට වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි උනා..

🍃 මමා...ඇයි අර මාමා අප්පාගේ ෆොතෝ ඒකත තුදු මල් මාලයක් දාලා තීන්නෙ ??

සේරාගේ පස්සෙන් ආපු පුංචි මූන් අහනකොටයි කෙල්ල දැක්කේ හොසියොක්ට එහා පැත්තේ ඉන්න හමුදා සෙබලා යූන්ගිගේ ෆොටෝ එකකට සුදු මල් මාලයක් දාලා අල්ලගෙන ඉන්නවා..

❤️ හොබි මොකක්ද මෙතන වෙන්නේ ?? ඔයාලා මොකක් හරි ප්‍රෑන්ක් එකක් කරනවද ?? මේවා විහිලු නෙමෙයි හොබි..!!

කෑ ගැහුව කෙල්ල මල් මාලය ගලවන්න හැදුවත් ගේ ඉස්සරහ නවත්තලා තියෙන හර්ස් එක දැක්කාම එතනම නතර උනා..හර්ස් එක ලග තවත් සෙබලු කිහිප දෙනෙක් ඉන්නකොට හර්ස් එකේ ඉන්නේ හමුදා සෙබෙලෙක් කියන්න වගේ හර්ස් එකේ වහලේ නැශනල් ෆ්ලැග් එක තියෙනකොට කෙල්ලගේ හිතට දැනුනේ ලොකු මූසල හැගීමක්..

🦄 කලබල වෙන්න එපා සේරා මන් කියන දේ අහලා...ඒත් මේ යූන්...

❤️ කවුද හොබි නැති උනේ ??.

හොබි කියන්න ගිය දේ නතර කරපු කෙල්ල කුතුහලෙන් අහනකොට කෙල්ලගේ අත් දෙකෙන් අල්ලගත්ත හොබී කෙල්ලව එක්කගෙන ගිහින් මුලින්ම පුටුවක වාඩි කෙරෙව්වා..

🦄 සේරා මේ අහන්න කලබල වෙන්න එපා හරිද ?? ඇත්තටම...මේ..ඇත්තටම ඊ..ඊයේ මිශන් එකේදි යු..යූන්ගිට වෙඩි වැදුනා..එ..එයා...

❤️ විහිලු කරන එකේ සීමාවක් තියාගන්න හොබි !!

හොබි කියන්න හදන දේ පිලිගන්න අකමැති උන කෙල්ල හොබීට කෑ ගහනකොට යූන්ගිගේ අම්මා අඩාගෙන ඇවිල්ලා සේරව තුරුල් කරගත්තා..මේ වේලේ සේරට දෙයක් තේරුම් කරන්න පුළුවන් තවත් අම්මෙක්ට විතරයි..

Mrs.min : මගේ රත්තරන් අපිව දාලා ගිහින් මගේ පුතේ..

සේරව බදාගෙන යූන්ගිගේ අම්මා අඩ අඩ කියනකොට කෙල්ල අම්මාව එහාට තල්ලු කරේ කේන්‍තියෙන්..දැන් ටිකකට කලිනුත් තමන්ට ආදරෙයි කියපු යූන්ගි කොහොමද එහෙම එයාව දාලා යන්නේ....

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now