මේඝා - Chapter 01

224 20 8
                                    

Bl , Threesome

Story category : Historical and fanfiction

Main Characters : Min Yoongi ( top )
                                  Park Jimin ( top )
                                  Jung Hoseok ( bottom )

Other ships : Namkook , Taejin

.......................................... ♡....................................

" ඔහුව අල්ලගනු !! "

සෙබලෙක් අන කරනකොට කණුවක් අතර සැගවී සිටි පුංචි බෝල ඇස් දෙකක් බය වෙලා ගියා..එයා දන්නවා එයාව අල්ලන්න තමයි මිනිස්සු එන්නේ කියලා..ඒත් එයා දන්නේ නෑ එයා කරපු වැරැද්ද මොකක්ද කියලා..

එයා කරපු වැරැද්ද ආදරේ කරපු එකද ??

නැත්තම් ආදර කෝණයක තුන්වෙනියෙක් වෙච්චි එකද ??

එහෙමත් නැත්තම් ??

" ඔහුව අල්ලගනු...ඔහු තමයි කාන්තාවක් ලෙස වෙස්වලාගෙන සිටි හෝසෝක් කුමාරයා !! "

ඒකද එයා කරපු වරද ??

සෙබලෙක් කියනකොට ඒ බෝල ඇස් දෙක පිටිපස්ස නොබලා දිව්වා...මරණ බයට වඩා තමන්ගේ ආදරේ තමන්ව පාවලා දුන්නා කියන හැගීම ඉස්සර වෙනකොට ඒ පුංචි හුරතල් ඇස් මැලවිලායි තිබ්බේ..හැමදාම ඉර එලිය වගේ පිරිලා තියෙන හිනාව අද හද එලියේ තරම්වත් දිලිසුමක් තිබ්බේ නෑ..රෝස පාට තොල් පැලිලා තියෙනකොට රන්වන් පාට හම සුදුමැලි වෙලා ගිහින් තිබ්බේ පුංචි හුරතලේ කොච්චර නම් දුක් විදලාද කියලා පෙන්නන්න වගෙයි..

" ඔහොම නැවතියන් දේශද්‍රෝහියා !! "

තවත් සෙබලෙක් කෑ ගහන ගමන් කියනකොට තාමත් කාන්තා සලුපටවලින් ඇග වහන් ඉන්න පුංචි හෝසියෝක් කුමාරයා එයාගේ අඩිය තවත් ඉස්සර කරා..ඒත් කුමාරයාගේ සලුව පැටලී බිම වැටෙනකොට තව දුරටත් දුවාගන්න තරම් ශක්තියක් තිබ්බේ නෑ...සෙබලෙක්ගේ දිලිසෙන කඩුව තාමත් රත් පැහැ ආදරණීය සලකුණු තිබ්බ බෙල්ල මත රැදෙනකොට ඔහු ඇස් පියාගත්තා..තවත් දුවන්න තරම් පනක් තිබ්බේ නෑ..

ආදරේ නිසා පීඩාවිදලා හිටපු පුංචි කුමාරයා එයා වෙනුවෙන් හම්බුන පුංචි ආදරේටත් ලෝභකම් කරපු ඒ කුමාරයා ආදරේ නිසාම ජිවිතෙන් වන්දි ගෙවන්න ලෑස්ති වෙලයි හිටියේ..

" මට සමාවෙන්න මගේ සොකී..."

බෙලෙහි රැදි රිදී කඩුව අතින් ගත් මූන රෙදි කඩකින් වසා සිටි ඔහුගේ කටහඩ අදුරගත් කුමාරයාගේ බෝල ඇස් දිගේ කදුලු බේරෙනකොට තමන්ගේ ආදරේ අතින්ම මැරෙන්න ලැබෙන එක ගැන සතුටු වෙලා ඇස් පියාගත්තා..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now