කරුණාකර මාව වැලදගන්න - 01

55 8 3
                                    

G × B

මගේ හිතට ආපු ප්ලොට් එකකට ලියන්නෙ..ඒ නිසා මන් මේකට විශේෂ bias කෙනෙක්ව දැම්මේ නෑ...

ඔයාගේ හිතේ ඉන්න, ඔයාගේ හිත හොරකම් කරපු එයාගේ පෙනුම හිතින් මවාගෙන කතාව කියවන්න !!

............................................................................

" මිස් සේහි තනියමද ආවේ ??"

" ම්ම්...ඔව් ඩොක්ටර් ඇයි ?? "

" ඔයාගේ රීපෝර්ට් මන් චෙක් කරා...ඇත්තටම මිස්ට ශුවර්ද මේක තනියම...?? "

" මගේ බෝයිෆ්‍රෙන්ඩ් තව ටිකකින් මාව එක්කන් යන්න එනවා ඩොක්ටර් !! ඒ නිසා මන් ගැන හිතන්න එපා...ප්ලීස් කියන්න මගේ ලෙඩේ මොකක්ද ?? "

" ඇත්තටම මිස් සේහි මේක පොඩ්ඩක් භයානක තත්තවයක්...ඒ කොහොම උනත් මන් විශ්වාස කරනවා මිස් සේහිගේ හිතේ ලොකු ශක්තියක් ඇති කියලා ?? "

" ඩොක්ටර් ප්ලීස්...මට කෙලින්ම කියන්න මගේ ලෙඩේ මොකක්ද ??"

" අපි ගෙස්ට් කරපු දේ හරි මිස් සේහි..ඔයාට lung cancer එකක් !! "

මන් හොස්පිටල් එකෙන් එලියට ආවේ කකුල්වලට පන අද්දන ගමන්...මගේ ඔලුවේ බහින පඩියක් පාසාම ඩොක්ටර්ගේ වචන රැව් දුන්නා...

" ම..මට කො..කොච්චර කාලයක් ජීවත් වෙන්න පුලුවන්ද ඩොක්ටර් ?? "

" අපිට සමාවෙන්න මිස් සේහි...ඔයා ඉන්නේ last stage එකේ...බෙහෙත්වලින් මේක හොද කරන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ..ඒ නිසා- "

" තව කොච්චර කාලයක් මට ජීවත් වෙන්න පුලුවන් ද කියලා කියන්න ඩොක්ටර් !! "

" ම්ම්...මාස තුනක්...හතරක්..."

ඇයි මටම මෙහෙම වෙන්නේ ?? හැමදේම මන් පටන් ගන්න හැදුවා විතරයි...අවුරුදු ගානක හීන මන් මාස තුනකින් නැති කරලා දාන්නද ??

පන දාගෙන අවුරුදු හතරක් මන් ඩිග්‍රියක් කරා..graduation එකටත් කලින් මන් මැරෙන්න ඕනද ??

අම්මා තාත්තා වෙනුවෙන් හීන මහ ගොඩක් දැක්කා...අම්මායි තාත්තායි වයසට යන්නත් කලින් මන් මැරෙන්න ඕනද ??

අවුරුදු නමයක් ආදරේ කරා...wedding එකට කලින් මන් මැරෙන්න ඕනද ??

ට්වීන් බබාලා දෙන්නෙක් හදලා එයත් එක්ක සතුටින් ඉන්න හිතන් හිටියා..pregnant වෙන්නත් කලින් මන් මැරෙන්න ඕනද ??

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now