මේඝා - Chapter 09

60 20 7
                                    

🐹 වහාම කිම් වෙදදුරුව කැදවන්න !!

ජින් කුමරුගේ අන අනුව ඔහුගේ ප්‍රධාන පාලක ගිහින් ටේහ්‍යුන්ව එක්කගෙන ආවා..ජිවිතේට ජින් එක්ක වචනයකට දෙකකට වඩා කතා කරලා නැති ටේහ්‍යුන් ජින් කුමරු ලගට ආවේ තැතිගැන්මෙන්..

🐯 කු...කුමරුනි ??

ලොකු කලබලේකින් එහෙට මෙහෙට යන ජින් කුමරු දිහා හොරෙන් බැලුව ටේහ්‍යුන් ඔලුව පහත් කරගෙන කතා කරනකොට ජින් කුමරු නැවතුනා..

🐹 සියලු දෙනා පිට වෙන්න !!

ජින් කුමරුගේ එක අනට ප්‍රධාන පාලක ඇතුලු සියලු දෙනා පිට වෙනකොට ටේහ්‍යුන්ගේ හිත පොඩ්ඩක් ගැස්සුනා..මොනවා උනත් කුටියක් ඇතුලේ තනි උනේ තමන්ගේ ඒක පාර්ශවික ආදරෙත් සමගනේ..

🐹 ටේහ්‍යුන් මා ලගට පැමිණෙන්න..

ජින් අන කරන හඩින් පවසනකොට ජින් කුමරු දෙස හොරෙන් බැලුව ටේහ්‍යුන් හිමින් අඩි තියමින් ජින් කුමරු අසලට ගියා..නමුත් ඔහු පුදුම උනේ ජින් එකපාරටම ඔහුගේ අතින් අල්ලපු නිසායි..ටේහ්‍යුන්ට දැනුනේ ඔහුගේ ඇගේ කරන්ට් එකක් වදිනවා වගේ හැගීමක්..

🐯 කු..කුමරුනි..

🐹 ටේහ්‍යුන් අවංකවම මගේ ප්‍රශ්නයට පිලිතුරු දෙන්න පුලුවන්ද ??

ජින් අහනකොට බයෙන් බයෙන් වගේ ටේහ්‍යුන් ඔලුව වැනුවේ ජින් දිහා නිකමටවත් නොබලයි..

🐹 ටේහ්‍යුන් ඔබ සොකී කුමරිය හා බොහෝ සමීපයි නේද ??

ජින් අහනකොට ටේහ්‍යුන් ඇස් බෝල කරගෙන ජින් දිහා බැලුවත් ඒ ඇස්වල උත්තරයක් බලාපොරොත්තුවෙන් තියෙනකොට ටේහ්‍යුන් හිමීට ඔව් කියලා ඔලුව වැනුවා..

🐹 එහෙනම් ඔබ දන්නවා ඇතිනේ ඇය කාන්‍තාවක් නොවන බව ??

ජින් පැකිලීමකින් තොරව අහනකොට ජින්ගෙන් අත් ගත්ත ටේහ්‍යුන් මදක් පස්සට උනා..ජින් කොහොමද ඒක දන්නේ කියලා ටේහ්‍යුන්ට හිතාගන්නවත් බෑ..ඒත් එහෙමයි කියලා සොකීව පාවලා දෙන්න ටේහ්‍යුන්ට බැහැ..ඒ නිසා ව්‍යාජ සිනාවක් මුවේ රදවා ගත් ටේහ්‍යුන් ජින් දෙස බැලුවා..

🐯 කු..කුමරුනි ඔබ සරදම් කරනවා..සොකී කුමරිය කාන්‍තාවක් නෙමෙයි නම් කිමෙක්ද ??

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now