මේඝා - Chapter 06

86 19 5
                                    

සීත ඍතුවේ ජෝසන් රාජ්‍යයේ මින් මාලිගාව තුල තිබ්බ රහස්‍ය උද්ද්‍යානයේ ආදරෙන් පෙම් කෙලින තරුණයන් දෙන්නා දිහා කදුලු පිරුනු බෝල ඇස් දෙකක් බලාගෙන හිටියා..ඒ ඇස්වල දුකක්ද, සතුටක්ද තියෙන්නේ කියලා ඒ ඇස්වල අයිතිකාරයාටවත් හිතාගන්න බැරුවයි තිබ්බේ..හැබැයි ඒ ඇස්වල අයිතිකාරයා එක දෙයක් දන්නවා...

ඒ පුංචි අහින්සක ඇස් වලට පාලුයි !!

🐰 ඔ..ඔවුන් දෙදෙනා ආලය කරනවාද ??

පිටිපස්සෙන් ජන්ග්කුක්ගේ කටහඩ ඇහුනාම බෝල ඇස් ගැස්සිලා ගියා..ඒ ක්ෂණිකයෙන් හැරුන ඇස් වල අයිතිකාරයා ඉක්මනට හිතුවක්කාර ජන්ග්කුක්ගේ කට තදින් වැහුවා..

🦄 ඔබ කුමක්ද ජන්කූ මෙහි කරන්නේ ?? කුමාරයාගේ අවසර නැති කිසිම කෙනෙක්ට මේ උද්‍යානයට එන්න තහනම්..අඩුම රජුටවත් !!

🐰 ඉතින් ?? ජෝසන් වල මොන නීතිය තිබ්බාත් මා ඉටු කරන්න මූගල් රාජ්‍යයේ කුමාරයගේ අණ..ඔබ කොතනද මා එතන !!

🦄 ඔබ නම් බොහොම හිතුවක්කාරයි !!..

ජන්ග්කුක්ට රැව්ව සොකී ජන්ග්කුකවත් ඇදගෙන ඉක්මනට උද්‍යානයෙන් පිට උනේ උද්‍යානයට එන්න සොකී කුමරියට අවසර තිබ්බාට ඇගේ ආරක්ෂකයට අවසර නැති නිසායි...අහ්ම්...ඔව් තාමත් සොකී කුමරිය, ඒ වගේම ඔහු නෙමෙයි ඇය !!

🐰 ඔබ ඒ පිලිබදව දැන සිටියද ??

උද්‍යානයෙන් පිටතට පැමිණි ගමන් ජන්ග්කුක් අහනකොට සොකී කුමරිය පැකිලීමකින් තොරව ඔව් කියලා හිස සැලුවා.

🐰 කොපමණ කලක සිටන්ද ??

🦄 මාසයක පමණ සිට..

ජෝසන් මාලිගයේ ඇගේ කුටිය වෙත ඉදිරියට ඇදෙන ගමන් සොකී කුමරිය කියනකොට ජන්ග්කුක් ඔහුගේ බෝල ඇස් තවත් ලොකු කරගෙන බැලුවා..ඔහුට විශ්වාසයි සොකී කුමරිය යූන්ගි කුමරු හා විවාහ වී ද තවම මාසයක් පමණ වන බව..

🦄 ඔබේ ඇස් ආයි බෝල වෙලා..මන් ආසයි ඒකට..එවිට ඔබ හුරතල් සා පැටියෙක් වගේ..

සොකී කුමරිය හිනා වෙලා කියනකොට ජන්ග්කුක් එරෙව්වා..එයාලා ආරක්ෂක මිසක් හුරතල් හාවෙක් නෙමෙයිනේ..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now