අදුරු සෙවනැලි - chapter 10

89 13 9
                                    

✝️ මන් දන්නවා තමුසේ ඉන්න ඔය දරුවාගේ ඇග ඇතුලේ හැංගිලා කියලා..හොද හිතින් කියන්නේ එලියට වරෙන් !!

ෆාදර් කෑ ගහනකොට මුලු කාමරේ පුරාම සීතල හුලං පාරක් එක්ක දොර ජනෙල් හයියෙන් දෙපැත්තට වැනෙන්න පටන් ගත්තා..කවචයේ ඇතුලේ හිටපු හැමෝම තව තවත් ගුලි වෙනකොට පාටලි එක දිගට කවචෙන් පිටතට ඇවිල්ලා බයිබලය කියවන්න පටන් ගත්තා..පාටලී ලුණු කවචයෙන් පිටතට යනවට අකමැති උන ජන්ග්කුක් එයාට යන්න නොදුන්නත් අකමැත්තෙන් උනත් ලිලී තරම්ම වටින එයාගේ ජින් හ්‍යුන්ග් වෙනුවෙන් ලිලීට අවසර දුන්නා..ඒත් ජිමින් අතින් කාමරේ ඇතුලේ වැටුන ලිලීගේ කුරුසේ මතක ඇතුව ලිලීගේ බෙල්ලට දාන්නත් ජන්ග්කුක් අමතක කරෙ නෑ..

✝️ වරෙන් එලියට !!

ෆාදර් ශුද්ධ වූ ජලය ජින්ගේ ඇද වටේ ඉහන ගමන් කෑ ගහනකොට එකපාරටම ඇදට ගැට ගහලා සිහිය නැතුව හිටිය ජින් ඇදත් එක්කම ඉස්සෙන්න පටන් ගත්තා..ජින්ගේ අත් හෙඩ් බෝර්ඩ් එකට ගැට ගහලා නිසා ජින් නොසෙල්වුනත් ඉස්සුන ඇද ජින් එක්කම වටයක් කැරකෙන්න පටන් ගත්තේ කවචේ ඇතුලේ හිටපු හැමෝම තව බය කරලයි..

✝️ ඔය කොල්ලාගේ ඇග ඇතුලේ ඉදන් උබ මොනවද බලාපොරොත්තු වෙන්නේ ??

ෆාදර් කෑ ගහලා අහනකොට මුලු කාමරේ පුරාම දෙදරන්න හිනා හඩක් ගියේ හිටපු හැමෝගෙම ඇග හිරිවට්ටලයි..එක දිගට එහෙට මෙහෙට වැනෙන ජනෙල් දොරවල් එක්ක, එක දිගට වටේට කැරකෙන ලයිට් එකත් එක්ක එලියෙන් අකුණු ගගා වහින්න ගන්නකොට කාමරේ පුරාම දෝංකාර දුන්න ඒ පිරිමි හිනාව ගෙනාවේ මූසල බිය ගැන්වෙන සුලු බවක්..

✝️ කියපන් !! ඇයි තමුන් මේ ලමයාට වද දෙන්නේ?? තමුන්ට මොනවාද ඕන ??

ෆාදර් ආයි කෑ ගහනකොට කැරකෙන ඇද දඩස් ගාලා බිමට වැටුන ක්ෂණිකයෙන් සිහිය නැතුව හිටිය ජින් ඔලුව ඉස්සුවා..ඇදේ හෙඩ්බොර්ඩ් එකට හේත්‍තු වෙලා කුරිරු හිනාවක් එක්ක හිනා උන ජින් සුදු මැලි මූනයි රතු උන ඇසුයි එක්ක ෆාදර් දිහා බැලුවා..ඒ මූන තනිකරම බය ගැන්වෙන සුලු මූනක් වෙනකොට ෆාදර්ගේ උනත් හිත ගැස්සුනේ නෑ කියන්න බැහැ..

🐹 මරණය....මට ඕනේ මූගේ මරණය...උබලා ඔක්කොගෙම මරණය..

ජින් එයාගේ නොවෙන වෙනත් පිරිමි කටහඩකින් කෑ ගහලා කියනකොට ෆාදර් කියන දේවත් ජින් කියන දේවත් නොතේරුන කට්ටිය තේරුම් ගත්ත එකම දේ ඒ ඉන්නේ ජින් නෙමෙයි කියන එක විතරයි..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now