File No. 39 - Chapter 01

516 20 14
                                    

Brotherhood

Main Character : kim seokjin

Story Category :  Emotional

.

.
.......................................... ♡....................................

Number 39 ??

The number 39 is known as the curse of 39, in Afghan culture.

.......................................... ♡....................................

🐰 මේ ෆයිල් එකේ තියෙන දේවල් මොනවාද හ්‍යුන්ග් ??

අංක 39 ගහපු ෆයිල් එකක් ජන්ග්කුක් ජින්ට පෙන්නන ගමන් අහනකොට මෙච්චර වෙලා උයන ගමන් හිටිය ජින්ට හුස්ම ගන්න බැරි උනා..එයා කල්පනා කරේ මේ ෆයිල් එක ජන්ග්කුක් අතට ගියේ කොහොමද කියලා වෙනකොට ජින්ගේ නිශ්ශබ්දතාව ජන්ග්කුක්ව තවත් කේන්ති ගැස්සුවා.

🐰 මට උත්තර දෙනවා කිම් සියොක්ජින් ?? මේකේ තියෙන ඒවා ඇත්තද ??

🐹 ක්..කුකී...ම්..මම..

🐰 ගොත නොගහා කට ඇරලා කියනවා !! මේවා ඇත්තද ?? මගේ ජිවිතේම කාලකණ්ණි උනේ තමුසේ නිසාද කිම් සියොක්ජින් !!

ජන්ග්කුක් ජින්ගේ ශර්ට් එකේ කොලර් එක අල්ලන් ජිවිතේ පලවෙනි වතාවට ජින්ට නමින් කතා කරන ගමන් අහනකොට වෙනදට හුරතලේට දිලිසෙන බෝල ඇස්වල තනිකරම තිබ්බේ කේන්තියක් වෛරයක්ම විතරයි..

🐨 කුකී...මොකද උනේ ??

මේ අතරේ කිචන් එකෙන් ජන්ග්කුක්ගේ කටේ සද්දේ ඇහිලා ඔක්කොම කිචන් එකට ආවත් කේන්‍තියෙන් ඉන්න ජන්ග්කුක් වගේම පුදුමෙන් වගේම කදුලු පුරෝගෙන ඉන්න ජින්ව දැක්කාම හැමෝම පුදුම උනා..

🐰 කියනවා සියොක්ජින් !! මේ ෆයිල් එකේ තියෙන දේවල් ඇත්තද ??

ජන්ග්කුක් ජින්ගේ කොලර් එකෙන් අල්ලන් කෑ ගහනකොට ජින්ගේ ඇස්වලින් කදුලු බේරුනා හැරෙන්න වචනයක්වත් පිට උනේ නෑ..

🐯 කුකී...මොකද ඔහොම හ්‍යුන්ග්ට කතා කරන්නේ ??

ටේහ්‍යුන් ඇවිල්ලා ජන්ග්කුක්ගේ අත් ජින්ගේ කොලර් එකෙන් ගලවන්න හැදුවත් ජන්ග්කුක් ටේහ්‍යුන්වත් තල්ලු කරලා දැම්මා..

🐰 එහාට වෙලා ඉන්නවා කිම් ටේහ්‍යුන්..මේක මගේ ප්‍රශ්නයයි..නෑ මේක මගෙයි මෙයාගෙයි ප්‍රශ්නයක්..ඇත්ත කියනවා ජින් !! තමුසේ මෙච්චර කාලයක් මට ආදරේ කරේ බොරුවටද ?? මගේ දේපල නිසාද එහෙම කරේ ?? කියනවා !! හිගන්නෙක් වගේ හිටපු මාව එක්කගෙන ඇවිල්ලා ආදරෙ කියලා බොරු මවාපෑමක් කරේ මේ නිසාද ??

Fantasy World || Ot7 || CompletedOù les histoires vivent. Découvrez maintenant