My Alpha - Chapter 06

201 35 5
                                    

ජන්ග්කුක් හිටියේ ඔමේගාගේ පුලුන් ඇග බදාගෙන අහස දිහා බලාගෙනයි..ඔමේගත් හාන්සිවෙලා එයාගේ ඇගට ජන්ග්කුකව හේත්තු කරගෙන හිටියේ හුගක් ආසාවෙන්..එයාගේ මේට්ගේ සුවද එයාට තදින්ම දැනෙනවා..ඔමේගා ආසයි එයාගේ මේට්ගේ සුවදට...ජන්ග්කුක්ට නම් අද දවස ඇතුලත කල්පනා කරන්න ගොඩක් දේවල් තිබ්බා..එයා දැක්ක දේවල්, එයා කරන්න හදපු දේවල් එකින් එක මතක් කර කර හිටපු ජන්ග්කුක් අන්තිමට තීරණයක් ගත්තා..

🐰 ටේ මන් අන්තිමට තීරණයක් ගත්තා !!

ඔමේගාගේ පැත්තට හැරිලා ජන්ග්කුක් කියනකොට ඔමේගා එයාගේ පියවෙලා තිබ්බ නිල් ඇස් ඇරලා ජන්ග්කුක් දිහා ඇස් ලොකු කරන් බැලුවා..ජන්ග්කුක්ගේ සතුටු සුවදින් එයා තීරණය කරා ඒ දේ ගොඩක් හොද දෙයක් කියලා..

🐰 මන් අන්තිමට තීරණය කරා කැලේ නොකපා ඉන්න !!

ජන්ග්කුක් කියනකොට ඔමේගා සතුට වැඩිකමට නැගිටලා උඩ පනින්න පටන් ගත්තේ ඔමේගාට හේත්තුවක් දාගෙන සැපට හිටපු ජන්ග්කුක් බිමට වැටෙනකොටයි..ජන්ග්කුක් බිම ඉදන් ඔමේගට රවනකොට ජන්ග්කුක් ලගට ආපු ඔමේගා ජන්ග්කුක්ගේ මුලු මූනම ලෙව කෑවේ ජන්ග්කුක් කිචියට හිනා වෙනකොටයි..

🐰 ඇති ඇති ටේ...ඔයා මගේ මූනේ කෙල ගානවා !!

ජන්ග්කුක් හයියෙන් හිනා වෙනගමන් කියනකොට ඔමේගා එයාගේ මේට්ගේ ඇග උඩට නැග්ගා...සාමාන්‍ය මනුස්සයෙක්ගේ ඇගට ඔහොම තඩි වෘකයෙක් නැග්ගා නම් තැලිලා හුස්ම ගන්න බැරිවෙනවා උනත් ජන්ග්කුක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයි නිසා ඔමේගාගේ බර එයාට ප්‍රශ්නයක් උනේ නෑ...ඉතින් ඔමේගා ජන්ග්කුක්ගේ ඔඩොක්කුවේ වාඩි වෙලා ඉන්නකොට ජන්ග්කුක් ඔමේගාගේ ඇස්වලට එබුනා..

🐰 මගේ ඔමේගා...කුමාවෝ...මාව හරිපාරට ගත්තාට, මට ඇත්ත පෙන්නලා දුන්නාට කුමාවෝ..ඒ වගෙම ඔයාට සැරෙන් කතා කරාට මියානේ...මන් දන්නවා මන් ඔයාට මුලදි චුට්ටක් සැර කරා කියලා..සොරි හොදේ...ඒ වගේම ම..මන් ආදරෙයි..දැක්ක පලවෙනි දවසේ ඉදන්ම මන් ඔයාට ආදරෙයි මගේ ඔමේගා...

ජන්ග්කුක් දවස් ගානක් ගිහින් හරි එයාගේ හිතට දැනෙන හැගීම අමාරුවෙන් ටේහ්‍යුන්ට කියනකොට පුංචි ඔමේගාගේ ඇස් සතුටින් දිලිසුනා..ඒ බෝල ඇස් හද එලියට දිලිසෙනකොට ජන්ග්කුක් ඔමේගාව තද කරලා බදාගත්තා..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now