අදුරු සෙවනැලි - Chapter 03

105 16 4
                                    

🚫 සුලු දෙයටත් බියට පත්වන අය රාත්‍රියේදි කියවීමෙන් වලකින්න !!

🚫 භායානක, අප්‍රසන්න ඡායාරූප ඇතුලත් වේ !!

.......................................... ♡....................................

වටපිටාවම කරුවල වෙනකොට මන් මෙතනට ආවේ කොහොමද කියලවත් මේ කොහෙද කියලවත් මට තේරුමක් තිබ්බේ නෑ....කරුවලේ එහෙ මෙහෙ අතපතගාලා හිමීට මන් කොහොම හරි ස්වීච් එක ඔන් කරගත්තාට පස්සෙයි මට තේරුනේ මන් ඉන්නේ බාතෲම් එකක් ඇතුලේ කියලා..මේක ඇතුලට මන් ආවේ ඇයි කියලා හිතාගන්න බැරි උනත් කොහොම හරි මේ වෙලේ චූ බරක් ලෝර්ඩ් වේගෙන ආව නිසා මන් කොමඩ් එක ලගට ගිහින් වැඩේ කරන්න හැදුවේ..ඒත් එකපාරටම සින්ක් එකේ ටැප් එක ඇරිලා වතුර බේරෙනකොට මගේ හිත ගැස්සුනා..ආයි මේ ගෙදර පරන නිසාම එහෙම වෙන්න පුලුවන් කියලා හිතෙනකොට මන් ගිහින් ටැප් එක ඕෆ් කරලා මගේ වැඩේ කරගන්න යන්න හැදුවත් ආයි ටැප් එක ඇරුනා..

🐹 ආයිශ්...මොන රෙද්දක්ද මේ !!

කේන්ති ගිය මන් සින්ක් එකට වතුර එන බටෙම ඕෆ් කරලා මන් චූ දාන්න යන්න හැදුවත් ආයි ටැප් එක ඇරුනා..දැන් නම් මගේ ඇගම සීතල වෙලා කකුල් පවා වෙව්ලන්න පටන් ගත්තේ ලයින් එකම ඕෆ් කරලා තියෙනකොට වතුර එන්න කොහෙත්ම විදියක් නැති නිසායි..මන් සින්ක් එක දිහා ටිකක් වෙලා බලන් ඉන්නකොට එකපාරටම ටැප් එකෙන් වතුර වෙනුවට රතුපාට දෙයක් ගලනකොට ඒ එන්නේ ලේ කියලා තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ...බයටම මගේ කකුල් වෙව්ලනකොට මන් පස්සෙන් පස්සට ගිහින් බිත්තියට හේත්තු උනා..සින්ක් එක ලේ වලින් පිරිලා උතුරනකොට සුදුපාට බාතෲම් එක පුරාම රතුපාට ලේ වලින් පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ..වෙව්ලන කකුල් එකතු කරගත්ත මන් ඉක්මනට බාතෲම් එකේ දොර ලගට ගිහින් දොර අරින්න හැදුවත් දොර ඇරුනේ නෑ..

🐹 ආහ්...දොර අරින්නකෝ...කවුරු හරි ඉන්නවා නම් දොර අරින්නකෝ...

දොර ඇරගන්න බැරුව මන් එලියේ ඉන්න කාටම හරි ඇහෙන්න කියලා දොරට ගැහුවත් වැඩක් උනේ නෑ..ටිකකින් සින්ක් එකෙන් විතරක් නෙමෙයි ශවර් එකෙනුත් බාත්ටබ් එකෙනුත් ලේ ගලන්න පටන් ගන්නකොට ඒ ලේ මගේ කකුල් ලගටම ඇවිල්ලායි තිබ්බේ..ලේ මගේ කකුල්වල නොගෑවෙන්න ඕනවට මන් ඉක්මනට මගේ ඇගිලි තුඩුවලින් පවා ඉස්සෙනකොට බාත්ටබ් එක ලේවලින් පිරිලා හරියට ඒක ඇතුලෙන් කවුරු හරි එලියට එන්න දගලනවා වගේ පෙනුනා..ඇතුලෙන් වායු බුබුලු එලියට එනකොට මන් තව තව දොර අල්ලන් බිත්තියට හේත්තු උනා..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now