Forget me not - Chapter 04

93 9 4
                                    

ආදරණීය ඩයරි,

දන්නවද අපි හැමදාම කරන්නේ සතුටු වෙන්න දේවල් එකතු කරගන්න එක..අපි සතුටු වෙන එක හෙටට කල් දානවා..අනිද්දට, ඊටත් පස්සේ දවසට..අන්තිමට අපිට සතුට එකතු කරලා මහන්සි උනාම අපි තීරණය කරනවා පොඩ්ඩක් සතුටින් ඉන්න..ඒත් අපි එකතු කරපු සතුට දිහා බලද්දි ඒවා ඔක්කොම පරන වෙලා, දිරලා ගිහින්..මටත් තිබ්බා මගේ සතුට කල්නොදමා ඉන්න...මට තිබ්බා එදාම මගෙ සතුට ගන්න..ඒත් දැන් පරක්කු වැඩියි..මගේ සතුට කල් ඉකුත් වෙලා, දිරලා ගිහින්..ආපහු එකතු කරන්න බැරි තරමටම..

මීට ,
දිරාපු සතුට හොයන දුක..

.......................................... ♡....................................

කාලය ටිකෙන් ටික ගත උනේ ජන්ග්කුක් , ජින්, රාශි අතර සම්බන්ධය හුගක් වැඩි කරලයි..ජින් රාශිට එයාගේ හැගීම් කියන්න උත්සාහ කරත් ඒ හැමදෙයක්ම එයා දවසින් දවස කල් දැම්මේ රාශිගේ ඇස් හැමවෙලේම ජන්ග්කුක් ලග රැදිල තියෙන නිසායි..ඒත් ජින්ගේ හදවත මොනවා කිව්වත් ජින්ගේ මොලේ නම් හැමවෙලේම කිව්වේ ඉක්මනට එයාගේ හැගීම් රාශිට කියන්න කියලා නිසා අන්තිමට ජින් තමන්ගේ හිත ශක්තිමත් කරගෙන රාශිට එයාගේ හැගීම් ප්‍රකාශ කරන්න තීරණය කරා..ඉතින් ජින්ට ඕන උනේ ඒක ඉක්මනටම කියලා හිත නිදහස් කරගන්න..ඒ නිසාම හිත හදන් රාශිට කෝල් එකක් ගන්න හැදුවත් පුදුමෙකට වගේ එවෙලෙම ආපු රාශිගේ කෝල් එක නිසා ජින් තවත් පුදුම උනා..තවත් පරක්කු නොකර මූනේ හිනාව පුරෝගෙන කෝල් එක ආන්ස්වර් කරපු ජින්ගේ සතුට තවත් වැඩි උනේ රාශි ජින්ව හම්බුවෙන්න ඕන කිව්ව නිසායි..

🐹 ආහ්...ගන්න...

එයාලා හම්බුවෙන්න කතා කරගත්ත විදියට බීච් එකට ආපු ජින්, බීච් එකේ බෙන්ච් එහෙක වාඩි වෙලා මුහුද දිහා බලන් හිනා වෙවී ඉන්න රාශි ලගට ඇවිත් රාශිගේ අතට එයා පරිස්සමින් ගෙනාපු මල් පොකුරයි , රාශි ආසම ජාතියේ ස්වීට්ස් පුරෝපු මල්ලකුයි දුන්නාම කෙල්ලගේ ඇස් සතුටින් දිලිසෙන්න ගත්තා..

🌹 වාහ්...මේවා මටද ?? කුමාවෝ ජින්නෝ....

කෙල්ල ජින්ව බදාගෙන ඒ තප්පරේට මල් පොකුර බෙන්ච් එකේ එහා පැත්තෙන් තියලා ස්වීට්ස් මල්ලට ඔලුව දානකොට ජින් හිටියේ එයාගේ ගැහෙන හදවත පාලනය කරගන්න උත්සාහ කරන ගමන්..කෙල්ල නිකමට හරි ජින් දිහා බැලුවා නම් ජින් ඉන්නේ කොච්චර රතු වෙලා ද කියලා හොදටම පේනවා...කෙල්ලගෙන් ලැබෙන මේ වගේ පුංචි හග් ජින්ගේ හදවත බිමට ගැලවිලා වැටෙන්න තරම් පිස්සු වට්ටනවා..ඒත් ඒක එහෙම වෙන්නෙ ජින්ගේ පැත්තෙන් විතරක් නම් ?? රාශිට ඒ හැමදේම සාමාන්‍ය උනොත් ?? ම්ම්...මන් කියන්නේ හරියට අපි අපේම අයියව බදාගන්නකොට වගේ සාමාන්‍ය උනොත් ??

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now